සිය මාළු තොග සඳහා ලබා දිය යුතු රුපියල් කෝටි විසි තුනකට ආසන්න මුදල ඉදිරි සති දෙක ඇතුළතදී නොලැබුණහොත් ධීවර සංස්ථාවට එරෙහිව නීතිමය පියවර ගන්නා...
ධීවර සංස්ථාවේ නව සභාපති කීර්ති මුණසිංහ හඳුන්වා දුන් නව ව්‍යාපෘතියක් යටතේ මාළු මිලදී ගැනීම නිසා පාරිභෝගිකයන්ට මාළු කිලෝවක් සඳහා රුපියල් 60ත් 100ත් අතර වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවී ඇති බව සංස්ථාවට මාළු සපයන වෙළෙන්දකු වන දකුණු පළාත් හිටපු ඇමැති ඩී.වී. උපුල් මහතා මාධ්‍යට පවසා තිබේ.
පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී සංස්ථාවට සැපයූ මාළු සඳහා රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් අය කිරීමට තිබෙන ඔහු හෙළිකර තිබේ.
දකුණු පළාතේ මාළු සපයන්නන්ට ධීවර සංස්ථාවේ සභාපතිවරයා විසින් ඉදිරි සති දෙක ඇතුළතදී එම ගෙවීම් කරන බව කියා තිබුණද එම ප්‍රකාශටත් මේවන විට මසක් ග.ව ඇති බවද ඔහු පවසා තිබේ.
මේ පිළිබඳව ධීවර සංස්ථාවේ සභාපති කීර්ති මුණසිංහ මහතා පවසා ඇත්තේ රුපියල් කෝටි විසිහතකට ආසන්න හිඟ මුදල ගෙවීමට ඇත්තේ 2015 වසරේ සිට බවයි.
COMMENTS