පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ලබන 09 වනදා පෙරවරු 10.00ට කතානායකවරයාගේ නිල කාමරයේදී පැවැත්වෙන බව පක්ෂ නායකයන් වෙත ඊයේ (04) පස්වරුවේදී ...
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ලබන 09 වනදා පෙරවරු 10.00ට කතානායකවරයාගේ නිල කාමරයේදී පැවැත්වෙන බව පක්ෂ නායකයන් වෙත ඊයේ (04) පස්වරුවේදී කතානායකවරයා විසින් දැනුම් දී ඇත.
රටේ ආර්ථිකයේ කඩා වැටීමක් ඇතිවී, බරපතළ මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බැවින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස, ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා, කතානායක කරු ජයසූරිය මහතාගෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීමට අනුව මෙසේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත්, පාර්ලිමේන්තුව කඩිනමින් රැස්කෙරෙනු ඇතැයි විශ්වාසය පළකරන බවත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS