ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව එදා දැඩි සේ විවේචනය කළ අමාත්‍ය එස්.බි දිසානායක මහතා අද ජනාධිපතිවරයාගේ හොද කියමින් වේදිකාවල කෑමෝර ගසන බව ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව එදා දැඩි සේ විවේචනය කළ අමාත්‍ය එස්.බි දිසානායක මහතා අද ජනාධිපතිවරයාගේ හොද කියමින් වේදිකාවල කෑමෝර ගසන බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.
ඒ ඊයේ (29) හැටන් නගරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදිය.
අමාත්‍ය එස්.බි දිසානායක මහතාගේ වාචාල කට නිසා ඔහු ජම්පරය පැලද සිරගත වි සිටින බවත් වතුකරයේ බංකොලොත් දේශපාලනයේ නියලි සිටින ඇතැම් දේශපාලඥයන්ගේ වුවමනා මත එස්.බි දිසානායක අමාත්‍යවරයා තමන්ට විවිධ චෝදනා නගමින් වතුකරයේ ජනතාව නොමග යැවිමට උත්සහ කරන බවත් ඒ මහතා පැවසීය.
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු වතුකරයේ ජනතාව සිටින්නේ කා සමගද යන්න තේරුම් ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS