දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර වාර්තාව සභාගත කරමින් කතානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

බැඳුම්කර වාර්තාව සභාගත කරමින් කතානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

PropellerAds

මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව අද(23) පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වී...

Chicken business
අන්තවාදී ඇමැතිවරු ආණ්ඩුවෙන් දොට්ට !
මරාගෙන මැරෙන දිවුරම දී ඇත්තේ කොල්ලුපිටියේ සුපිරි නිවසකදී සහරාන් ඉදිරියේ ! - සහරාන්ගේ බිරිද සියල්ල වමාරයි
බැඳුම්කර වාර්තාව සභාගත කරමින් කතානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව අද(23) පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව සභාගත කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ(22) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විය.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමේ දී බැඳුම්කර කොමිෂන් වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන වාර්තාව පිළිබඳ විවාදය පවත්වන දිනය පිළිබඳ සාකච්ඡා වී තිබේ.

කෙසේ වෙතත් හෙට දිනයේ දී යළි පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඒ පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

පෙබරවාරි මස 10 වන දිනට පෙර අදාළ කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් විවාදය පැවැත්විය යුතු බවට විපක්ෂය වශයෙන් යෝජනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජිත හේරත් මහතා සඳහන් කළේය.

මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරමින් කතානායකවරයා නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්,

ගරු කථානායකතුමා විසින් අද දින (2018.01.23 ) දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද නිවේදනය

ගරු මන්ත්‍රීවරුනී, අපගේ ව්‍යවස්ථාදායකයේ දැනට බලාත්මකව පවතින ස්ථාවර නියෝග 1993 අවසාන වරට සංශෝධනය වීමෙන් අනතුරුව වසර 25කට අද තත්ත්වයන්ට ගැලපෙන පරිදි වෙනසක් වි නොමැති බව අප කවුරුත් හොඳින් දන්නා කාරණයකි. කෙසේවෙතත්, මහත්වූ පරිශ්‍රමයක ප්‍රතිඵලයක් ලෙස අදට යෝග්‍ය පරිදි ප්‍රතිශෝධිත ස්ථාවර නියෝගවල අවසාන කෙටුම්පත් පිටපත සලකා බලා අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණද, එම වැදගත් කාර්යය නැවත වරක් 2018 පෙබරවාරි මස 19 වැනි සඳුදාට කල් දැමීමට සිදුවිය. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය පෙබරවාරි 19 වැනි දින සමාප්ත කර ගැනීමට මා ඉතාමත් ගෞරවයෙන් මෙම සභාවෙන් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිනවා.

තවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අපේක්ෂා කරනු ලබන අවශ්‍ය විශිෂ්ඨතා මට්ටම සම්බන්ධයෙන් මහජන විශ්වාසය ඇති කිරීම පිණිසත්, පාර්ලිමේන්තුවේ කැපවීම සහතික කිරීම පිණිසත් අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යා ධර්ම සංග්‍රහය ද පාර්ලිමේන්තුව විසින් අනුමත කර ගැනීම මඟින් ආදර්ශමත් පාර්ලිමේන්තුවක් ලෙස වැඩ කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් වාර්තා දෙක ඉදිරිපත් කිරීමෙන් පසුව ගරු කථානායකතුමා විසින් කරනු ලැබීමට නියමිත නිවේදනය
ගරු මන්ත්‍රීවරුනී, අද දින ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම යටතේ මෙම ගරු සභාවට ඉදිරිපත් කරන ලද 2015 පෙබරවාරි මස 01 වැනි දින සිට 2016 මාර්තු මස 31 වැනි දින දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සහ බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවල වාර්තා සම්බන්ධයෙන් මේ දක්වා සිදුවී තිබෙන ක්‍රියාදාමය මේ ගරු සභාවටත්, ශ්‍රී ලංකාවාසී ජනතාවටත් නිරවද්‍ය කරුණු ගෙන හැර දැක්වීම පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් මාගේ යුතුකමක් ලෙස මා සලකනවා.

මේ වසර ආරම්භයේදී මෙම කොමිෂන් සභා වාර්තා අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කිරීමෙන් අනතුරුව 2018 ජනවාරි මස 23 වැනි දින අපර භාග 1.00 දක්වා සාමාන්‍ය පරිදි කල් තබන ලද පාර්ලිමේන්තුව කලින් කැඳවනු ලැබිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්තුමා සහ ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉල්ලීම් කර තිබූ අතරම, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු අනුර දිසානායක මැතිතුමන් විසින් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට හැකිවන පරිදි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් කැඳවන ලෙසද ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමන් සමග සාකච්ඡා කළ අතර ජනවාරි මස 09 වැනි අඟහරුවාදා අපර භාග 2.00 ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක්ද, මාගේ යෝජනාව මත පසුදින, එනම් ජනවාරි මස 10 වැනි දින, පාර්ලිමේන්තුව කලින් කැඳවන ලෙසට ස්ථාවර නියෝග 14 යටතේ ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක්ද ලැබී තිබුණි.

ජනවාරි මස 10 වැනි දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර තීරණය කරන ලද පරිදි ස්ථාවර නියෝග 14 යටතේ පාර්ලිමේන්තුව කැඳවීම ගැන සභා ගර්භයේදී ගරු අග්‍රාමාත්‍යතුමා විසින් කරුණු පැහැදිලි කිරීමෙන් පසු අනෙකුත් පක්ෂ නායකයන්ටද කථා කිරීමට අවස්ථාවක් ලබා දීමට එකඟතාවය පළ කරන ලදී.

පාර්ලිමේන්තුවට බැඳුම්කර වාර්තාවේ සහ බරපතළ වංචා විමර්ශන වාර්තාවල පිටපත් ලබා දෙන ලෙස මා විසින් විසින් ඒ වන විටත් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබූ බවද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී සඳහන් කරන ලදී. පසුදින පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු රැස්වීමට ප්‍රථම එකී වාර්තා ලබා ගැනීම අවශ්‍ය බැවින්, එම ඉල්ලීම නැවත ඉදිරිපත් කරන ලෙස ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් එතුමාගේ ලේකම්වරයාටද උපදෙස් ලබාදී එකී වාර්තා පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම්වරයාටද ලිඛිතව දන්වා තිබුණි.

ජනවාරි මස 10 වැනි දින පෙරවරු කාලයේදී අතිගරු ජනාධිපතිතුමන් විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත මහ බැංකුවේ අධිපතිවරයාටත්, අල්ලස් දූෂණ කොමිසමටත් පිටපත් යැවිය යුතු හෙයින් පාර්ලිමේන්තුවට අදාළ පිටපත් ජනවාරි මස 17 වැනි දින ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දන්වා එවා තිබුණි.

එමෙන්ම බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම (PRCIFAC) සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්පූර්ණ වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද එදිනම ඉල්ලීමක් කර තිබුණි. පාර්ලිමේන්තුවේ රැස්වීම පැවැත්වෙන අතරවාරයේදී ජනාධිපති ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් මා‍ වෙත එවන ලද ලිපියද මා විසින් ජනවාරි මස 10 වැනි දින සභාවට ඉදිරිපත් කරන ලදී.

අතිගරු ජනාධිපතිවරයා විසින් 2018 ජනවාරි මස 17 වැනි දින 2015 පෙබරවාරි මස 01 වැනි දින සිට 2016 මාර්තු මස 31 වැනි දින දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපත් 26 ක්ද, බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සහ ඊට අදාළ වෙන් වෙන් වශයෙන් ගොනු කරන ලද පරීක්ෂණ වාර්තා 34 ක්ද, ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත එවන ලදී. එකී වාර්තාවල පිටපත් ගරු මන්ත්‍රීවරුන්ට ලබා දීමට හැකිවන පරිදි ඒවා තිබෙන භාෂාවෙන් මුද්‍රණය කරගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ මුද්‍රණාලයාධිපතිනිය මා විසින් පාර්ලිමේන්තුවට කැඳවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

එම වාර්තාවල පිටු ප්‍රමාණය අති විශාල වුවත් කෙසේ හෝ මහත් පරිශ්‍රමයක් දරා 2018 ජනවාරි මස 23 වැනි දින පාර්ලිමේන්තුවට එවීමට පොරොන්දු වූ පරිදි අද දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාවේ සහ බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් මන්ත්‍රීවරුන්ට බෙදාදීමට හැකිවන ආකාරයට මුද්‍රණය කර සභාවේ විශේෂ අවසරය පරිදි තිබෙන භාෂාවෙන් පිළිගැන්වීමට කටයුතු යොදා තිබෙනවා.

තවද, බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධ අවසාන වාර්තාවට අදාළ පරීක්ෂණ වාර්තා 34 පාර්ලිමේන්තුවේ විශේෂ අධීක්ෂණය යටතේ රජයේ මුද්‍රණාලයේදී ස්කෑන් කර එම වාර්තා CD තැටියක අන්තර්ගත කර සියලුම ගරු මන්ත්‍රීවරුන්ට හැකි විගස ලබාදීමට කටයුතු කරමින් පවතින බවද දන්වා සිටිමි.කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව වාර්තාවේ වෙළුම් තුනක් තිබෙන බවටත්, සලකුණු කළ ලේඛන සහ සාක්ෂි පාර්ලිමේන්තුවට භාරදී නොමැති බවට කැෆේ ව්‍යාපාරය විසින් මාගෙන් ලිඛිතව විමසන ලදුව මාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මේ පිළිබඳ ලිඛිතව විමසන ලදී.

ඊට පිළිතුරු වශයෙන් එකී වාර්තාවට වෙළුම් නොමැති බවත්, සලකුණු කළ වාර්තා සහ සාක්ෂි පාර්ලිමේන්තුවට එවන ලද වාර්තාවේ අන්තර්ගත කර තිබෙන බවත් ජනාධිපති ලේකම්වරයා විසින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා එවා තිබෙන බවත් මෙම ගරු සභාවට දන්වා සිටිනවා.

කරුණු මෙසේ හෙයින්, එම වාර්තා සම්බන්ධයෙන් සාවද්‍ය මත සමාජගත කිරීම සුදුසු නොවන බවද අවසාන වශයෙන් දන්වා සිටිමි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර වාර්තාව සභාගත කරමින් කතානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
බැඳුම්කර වාර්තාව සභාගත කරමින් කතානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
http://am.lk/media/k2/items/cache/db0bbf1c2db15eb16382071b625d2444_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_419.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_419.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy