ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දිස්ති‍්‍රක්කයේ විදුහලක විදුහල්පතිනියකට හිංසා කළ බවට සදහන් කෙරෙන තොරතුරු ස...
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දිස්ති‍්‍රක්කයේ විදුහලක විදුහල්පතිනියකට හිංසා කළ බවට සදහන් කෙරෙන තොරතුරු සහ පොලීසියට කර ඇති පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම මෙම පරීක්ෂණය අපක්ෂපාතීව සිදුකිරීම සදහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු ඌව පළාත් ආණ්ඩුකාරවරයා යටතට පත්කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත උපදෙස් ලබා දී ඇත.
මේ පිළිබද සිදුකෙරෙන අපක්ෂපාතී පරික්ෂණ වාර්තාවේ සදහන් කෙරෙන ඕනෑම නීතිමය කි‍්‍රයාමාර්ගයක් කඩිනමින් ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ.
COMMENTS