අවිනීත වැඩ කරන වෙබ් අඩවි වලට එරෙහිව පියවර ගන්න යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ බේරුවල වෙරළ ක්‍රිඩා...
අවිනීත වැඩ කරන වෙබ් අඩවි වලට එරෙහිව පියවර ගන්න යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ බේරුවල වෙරළ ක්‍රිඩාංගණයේ පැවති රැස්වීමක් අමතමිනි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“වත්මන් රජය රටට මොකද කළේ කියලා කවුරුත් අහනවා. මාධ්‍ය දිහා බැලුවමත් රටට මොකවත් නොකළ බවයි පෙන්වන්නේ. නමුත් පසුගිය රජය වංචා, දුෂණ සිදු කරමින් රට තුල භෞතික සංවර්ධනයක් ඇති කළ බව මාධ්‍ය මගින් පෙන්වා දෙනවා. රාජපක්ෂවරුන් එක්ක මගේ පෞද්ගලික තරහක් නැහැ. දේශපාලන ගැටුමක් විතරයි තිබෙන්නේ. බැසිල් රාජපක්ෂ මගේ පන්ති මිතුරා, ගෝඨාභය රාජපක්ෂත් එහෙමයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වසර 40 ක මිතුරෙක් එම නිසා පවුලේ සියලුදෙනාම මම අදුරනවා. 2015 වසරේ ජනවාරි 08 වනිදා පැවැති මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මටත් විමල් වීරවංශටත් බාරදෙන්න තමයි බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර තිබුනේ. නමුත් රාජපක්ෂ රජය ගෙන ගිය වැඩපිළිවෙළට මම විරෝධය පළ කළා. ත්‍රස්තවාදය තුරන් කිරීමට මම සහයෝගය ලබා දුන්නා. යුධ ජයග්‍රහණය පිළිබදව මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කළේ මමයි. ජනතා ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා. නමුත් යුධ ජයග්‍රහණයෙන් පසු රජය හැසිරුණු ආකාරය ඉතාම නරකයි. ජාතිවාදය, ආගම්වාදය, මනුෂ්‍ය ඝාතන වලට විරුද්ධව මම අදහස් පළ කළා. මහා පරිමාණ වංචා, දුෂණ සිදු කළා. ඒ පිළිබද පරීක්ෂණ අපේ රජය විසින් ආරම්භ කළ අවස්ථාවේ දී හිටපු අධිකරණ අමාත්‍යවරයා එම පරීක්ෂණ මන්දගාමී කළා. ඉන් පසුව පත් කළ අධිකරණ අමාත්‍යවරිය එම පරික්ෂණ වේගවත් කිරීමට පියවර ගත්තා. හිටපු අධිකරණ අමාත්‍යවරයා රාජපක්ෂලා සමග ගනුදෙනු කරමින් තමයි පරීක්ෂණ මන්දගාමී කළේ.”
“වර්තමානයේ මැතිවරණ කොමිසම ශක්තිමත් කර තිබෙනවා. අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් ශක්තිමත්ව කථා කරනවා. රාජපක්ෂ පාලන සමයේ දී කථා කළා නම් මරණ තර්ජනත් එල්ල වෙනවා. අද නිදහසේ අදහස් දැක්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ වනවිට රාජපක්ෂලාගේ පවුලේ සැමටම නඩු. හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එයාර් ලංකා ගුවන් සේවිකාවකට ලක්ෂ 04 ක වැටුප් ලබා දෙමින් ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තබාගෙන කටයුතු කළා. එයාර් ලංකා සමාගමේ සභාපතිවරයාට එම ගුවන් සේවිකාව කථා කළේ නම කියලයි. ගෝඨාභය රාජපක්ෂට සහ නාමල් රාජපක්ෂට සර් කියපු අයත් අමාත්‍ය මණ්ඩලයේ හිටියා. යහපාලන රජය ස්ථාපිත කළේ කොහොමද කියලා දන්නේ නැති අමාත්‍යවරුත් අපේ රජයේ ඉන්නවා. ඇතැම් මාධ්‍ය ලබා දී ඇති නිදහස භූක්ති විදිමින් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කටයුතු කරනවා. එවැනි අවිනීත වැඩ කරන සමාජ වෙබ් අඩවි වලට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස මම ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. රජයට විරුද්ධව නඩු තීන්දු ලබා දෙනවා. ඒ සදහා විනිශ්චයකාරවරුන්ට නිදහස ලබා දී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්න බැහැ කියලත් තීන්දුවක් ලබා දුන්නා. රාජ්‍ය සේවා කොමිසන් සභා ස්ථාපිත කර තිබෙනවා. නමුත් අපේ රජයේ වැරදි තිබෙන්න පුළුවන්. බුද්ධියෙන් හිතන්න නව මැතිවරණ ක්‍රමය ස්ථාපිත කිරීමට රජය කටයුතු කළේ ගහ මරා ගන්නා දේශපාලනය නතර කිරීමටයි. මෙම තත්ත්වය පළාත් සභා මැතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ වලටත් ගෙනඒමට අපි කටයුතු කරනවා. රාජපක්ෂලා ආණ්ඩුව පෙරලන්න උත්සාහ කරනවා. මොක ද නඩු ඉවර කර ගැනීම සදහායි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS