දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැතිගෙන් එජාප මන්ත්‍රීවරුන්ට දැඩි අවවාදයක්
Homeප්‍රවෘත්ති

අගමැතිගෙන් එජාප මන්ත්‍රීවරුන්ට දැඩි අවවාදයක්

PropellerAds

ජනාධිපතිවරයා විවේචනය නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැඩිව අවවාද කර තිබේ. අද ...

සුමන්තිරන් වෙනත් මඟක
මාකඳුරේ මදූෂ්ගේ පියාගේ දේහයට ගුවනින් මල් ඉසියි - ඩුබායි සිට මධුෂ් සජීවීව නරඹලා (VIDEO)
"කණ්ඩලම ජලාශයට සිදුව ඇති විනාශය මීට වසර 26කට කලින් මම පෙන්නුවා" - පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි
අගමැතිගෙන් එජාප මන්ත්‍රීවරුන්ට දැඩි අවවාදයක්

ජනාධිපතිවරයා විවේචනය නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැඩිව අවවාද කර තිබේ.

අද (17) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම් දීම සිදු කළ බව අමාත්‍ය නවින් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තා වේ.

එසේ නැගිට යාමට පෙර ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ දීර්ඝ කථාවක් ද කර තිබේ.

ඊයේ පැවැති කැබිනට් රැස්වීම ආරම්භයේ දීම කැසට් රෙකෝඩරයක්ද රැගෙන රැස්වීමට පැමිණි ජනපති සිරිසේන මහතා තමන් විසින් අද කරනු ලබන ප්‍රකාශයට කැමති අය මෙන්ම අකමැති අයද සිටිය හැකි නමුත් තමන් මෙම ප්‍රකාශය කරන බවත් පවසා ඇත.

විනාඩි 35ක කාලයක් දැඩි ස්වරයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා එජාපයේ හරීන් ප්‍රනාන්දු, එස්.එම්.මරික්කාර්, නලින් බණ්ඩාර හා සුජීව සේනසිංහ වැනි ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ගේ නම් සඳහන් කරමින් දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

තමා බැඳුම්කර කොමිසම පත්කළේ එජාපයට මඩ ගැසීමට නොව හොරුන්ට දඬුවම් කිරීමට බව පවසා ඇති ජනපතිවරයා හොරුන්ට දඬුවම් දෙනවාට විරුද්ධ ද නැද්ද යනුවෙන් විමසා ඇත.

රවී කරුණානායක මුදල් ඇමැති ධූරයටත් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයටත් පත් කිරීමේදී තමා දැඩි විරෝධය පළ කළ බව කී ජනපති සිරිසේන මහතා එදා තමන් කී දේ ඇසුවානම් අද මෙවැනි අර්බුදයක් ඇතිනොවන බවද පවසා ඇත.

මේ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බව කී ජනපති සිරිසේන මහතා ආණ්ඩුව කරගෙන යනවාද නැද්ද යන්න එජාප මැති ඇමැතිවරුන් තීරණය කළ යුතු බවද කියා සිටිමින් රැස්වීමෙන් පිටව ගිය බවද වාර්තා වේ.

අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ජනපති කාර්යාලයට ගොස් මෙවැන්නක් ඉදිරියට ඇතිවීමට ඉඩ නොතබන බව කියමින් ජනපතිවරයා නැවත කැබිනට් රැස්වීමට කැඳවාගෙන පැමිණ ඇතැයි වාර්තා වේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිගෙන් එජාප මන්ත්‍රීවරුන්ට දැඩි අවවාදයක්
අගමැතිගෙන් එජාප මන්ත්‍රීවරුන්ට දැඩි අවවාදයක්
http://ift.tt/2rk2bpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_251.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_251.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy