දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"කණ්ඩලම ජලාශයට සිදුව ඇති විනාශය මීට වසර 26කට කලින් මම පෙන්නුවා" - පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි
Homeප්‍රවෘත්ති

"කණ්ඩලම ජලාශයට සිදුව ඇති විනාශය මීට වසර 26කට කලින් මම පෙන්නුවා" - පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි

PropellerAds

කණ්ඩලම ජලාශයට අද සිදුව ඇති විනාශය පිළිබඳව මීට වසර 26 කට පෙර එනම් 1992 වසරේදී තමන් බුද්ධියෙන් දුටු බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර ප...

hirunika premachandra
2009දී රාජපක්ෂ මහත්තයා යුද්ධය අවසන් කළා. අවුරුදු පහකින් මිනිස්සුන්ට ඒක අමතක උනා - නවීන් අමුතු පාරකට
ජනාධිපතිටත්, මටත් මෙහෙම ආණ්ඩුවක ඉන්න බෑ - රාජිත

කණ්ඩලම ජලාශයට අද සිදුව ඇති විනාශය පිළිබඳව මීට වසර 26 කට පෙර එනම් 1992 වසරේදී තමන් බුද්ධියෙන් දුටු බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ මහා නායක පූජ්‍ය ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියෝ පවසති.

නා හිමියන් මේ බව ප්‍රකාශ කළේ පසුගිය දිනවල දිගින් දිගටම කණ්ඩලම වැව ඉස්මත්තේ ඉදිකෙරුණු සංචාරක හෝටල් බොහෝමයක අපජලය කන්ඩලම වැවට මුදාහැර ඇතැයි ජනමාධ්‍ය මගින් පෙන්වා දීමත් සමගයි.

උන්වහන්සේ විශේෂයෙන් කියා සිටියේ කණ්ඩලම ප්‍රදේශයේ වැව ආශ්‍රිතව හෝටල් සමාගම්කරුවන් අනාගතයේ වැසිකිලි හා අපද්‍රව්‍ය කන්ඩලම වැවට හොර රහසේ මුදාහරින බවට කළ අනාවැකිය එදා බුද්ධියෙන් දැක ගැනීමට බැරි වූ එවකට පැවති ආණ්ඩුව ඇතමෙකුට දැන් පියවි ඇසින්ම එය දැක ගැනීමට හැකිව පවතින බවය,

භූ විද්‍යාත්මක වශයෙන් පහත් බිමක් වශයෙන් ඇත්තේ කණ්ඩලම වැව බවත් හෝටල් කරුවන් විසින් දිනපතා මහා පරිමාණයෙන් එකතුවෙන අපද්‍රව්‍ය යාන්ත්‍රික වශයෙන් ප්‍රතිචක්‍රියකරණය කරන බවට ව්‍යාපෘති වාර්තා සැකසුවද සිදුකර ඇත්තේ බලධාරීන් රැවටීම බවත් අධික වියදම් සහිත කාර්යයක් බැවින් ලාභ ලැබීම අරමුණු කර ගනිමින්   මෙම අප ජලය වැවට මුදා හැරීම සිදු කරන බව තමන් මීට වසර 26කට පෙර අනතුරු ඇඟ වූ බවද උන්වහන්සේ පවසති.

කණ්ඩලම වැව ඉස්මත්තේ පිහිටි සංචාරක හෝටල් කිහිපයකම රාත්‍රී කාලයේ අප ජලය වැවට මුදා හරින බව දිගින් දිගටම මාධ්‍ය මඟින් රූප රාමු සහිතව පෙන්වා දෙන්නට වූහ. ඒ පිළිබඳව අවධානය යොමු කළ සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ සුමංගල මහා නාහිමියෝ මෙසේද පැවසූහ.

 "එදා මෙම කරුණු පෙන්වා දීමට ගිහින් එවකට පැවති ආණ්ඩුවෙන් මට නින්දා අපහාස වෙන පරිදි ලංකාවේ සෑම ප්‍රදේශයකම පෝස්ටර් පවා අලවා තිබුණා. මරණ තර්ජන තිබුණා. මා එදා කී දේ සැබෑ වන තෙක් ජීවත්ව සිටීමට ලැබීම ගැන එක් අතකින් සතුටු වෙනවා, වත්මන් ආණ්ඩුවේද පාර්ශවයක් වශයෙන් ඒ දේශපාලකයන් දැනුත් සිටිනවා. පසුගිය දිනක විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයෙකු ප්‍රධානත්වයෙන් සීගිරියේ දී පවත්වන ලද රැස්වීමකදී කන්ඩලම හෝටල් කරුවන් රාත්‍රී කාලයේදී හෝටලේ වැසිකිලි ඇතුළු අපද්‍රව්‍ය කන්ඩලම වැවට මුදා හරින බවට කණ්ඩලම වැව සුරැකීමේ සංවිධානය විසින් ඡායාරූප සහිතව රාජ්‍ය ඇමතිවරයාට පෙන්වා දී තිබුණා. වැව්තාවුල්ලේ අක්කර 25 කට අධික ප්‍රමාණයක් පුරවා හෝටලය සෑදීම හේතුවෙන් වැවේ ජල ධාරිතාව විශාල වශයෙන් අඩුවී තිබෙනවා. ඒ හේතුවෙන් මහවැලි හුරුලු කලාපයේම ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා. තමන් සියල්ල දන්නා බවට සිටිමින් මහජන මතය තුට්ටුවකට මායිම් නොකරන අපේ රටේ මෝඩ දේශපාලකයන් කණ්ඩලම හෝටලයට ගොස් බඩ පැලෙනකම් නොමිලේ සප්පායම් වෙනවා වෙනුවට එදා හෝටලය ඉදිකිරීමට උඩගෙඩි දෙමින් තමන් වැවක ජාතික අපරාධය සියැසින් දැක සසර මතු භවයකදී හෝ ප්‍රඥාවන්තයෙකු ඉපදීමට ඉටා ගනිත්වා යැයි මම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "කණ්ඩලම ජලාශයට සිදුව ඇති විනාශය මීට වසර 26කට කලින් මම පෙන්නුවා" - පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි
"කණ්ඩලම ජලාශයට සිදුව ඇති විනාශය මීට වසර 26කට කලින් මම පෙන්නුවා" - පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි
http://am.lk/media/k2/items/cache/f64fcf5c1b73ff9a1c9f098c5b103a75_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy