දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා වැරදි අදහස් දරමින් ඔහු වෙනත් මගක යන්නට මේ දිනවල උත්සහ කර...
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා වැරදි අදහස් දරමින් ඔහු වෙනත් මගක යන්නට මේ දිනවල උත්සහ කරන බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පවසයි.
අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා ඊයේ (03)සවස කොළඹ දී මෙසේ පවසා සිටියේ ඉන්දීය මාධ්‍ය ආයතනයක් මන්ත්‍රීවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.
සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂාවන් බලාපොරොත්තු හා අරමුණු වෙනස් ආකාරයකට අර්ථ දක්වා ඇති බව කියන අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් සදහා සුමන්තිරන් මන්ත්‍රීවරයා කියන පෙඩරල් ක්‍රමය දෙමළ ජාතික සන්ධානයේ අදහසක් නොවන බව අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා පවසයි.
සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයා වුවත් ඔහු මේ සතියේදී අවස්ථා කීපයකදී දෙමළ ජාතික සන්ධානයේ අදහස් හා තීරණ වශයෙන් මාධ්‍යයට පවසා ඇති දේ සම්බන්ධයෙන් සලකා බලන විට විශාල පරස්පරභාවයක් පවතින බවද අඩෙයිකලනාදන් මහතා කියා සිටියි.
දෙමළ ජාතික සන්ධානය යනු පක්ෂයක් මිස තනි සංවිධානයක් නොවන නිසා සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ වැරදි ප්‍රකාශන නිසා මහජනතාව අතර දැඩි අසීරුතාවයකට පත් වන්නේ එහි මන්ත්‍රීවරුන් නිසා තවදුරටත් සුමන්තිරන් මන්ත්‍රීවරයා වග විභාගයකින් තොරව ප්‍රකාශ නිකුත් ක්‍රන්නේ නම් ඔහු සමග මේ ගමන යාමට දෙමළ ජාතික සන්ධානයට නොහැකි වන බවද අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS