පසුගිය වසර තුන පුරා එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික කළමනාකරණයට ඉඩ දී තිබුණත්, මෙම වසරේ සිට එම වගකීම තමා අතට ගන්නා බව ජනාධිපති මෛති‍්‍රපාල ස...
පසුගිය වසර තුන පුරා එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික කළමනාකරණයට ඉඩ දී තිබුණත්, මෙම වසරේ සිට එම වගකීම තමා අතට ගන්නා බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ඒ සඳහා මීට තෙමසකට පෙර ජාතික ආර්ථික සභාව පත් කළ බව පැවසූ ජනාධිපතිවරයා ඒ හරහා රටේ ආර්ථිකය ඉදිරියට මෙහෙයවමින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා කෑගල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
දේශිය කර්මාන්ත, දේශීය නිෂ්පාදන සහ දේශීය ආයෝජන සියල්ල ආරක්ෂා කරමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම තමා භාරගන්නා බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා රට හැර නොගොස් මාතෘභූමිය ගොඩනැගීමට එක්වන ලෙස තමා සියලු දේශීය කර්මාන්තකරුවන්ගෙන් මෙන්ම ආයෝජකයින්ගෙන්ද ඉල්ලා සිටින බව ප‍්‍රකාශ කළේය.
ස්වාභාවික සම්පත්වලින් අනූන අපේ රට ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමට කිසිදු බාධාවක් නොමැති අතර ඇති එකම බාධාව දූෂිත දේශපාලනය බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා දූෂිත දේශපාලනයට තිත තැබීමේ ගමන තමා මෙම පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන මැතිවරණයත් සමග ආරම්භ කරන බවද කියා සිටියේය.
එමෙන්ම රටේ සියලු ආගමික නායකයින් උගතුන්, බුද්ධිමතුන් සහ රටේ සියලු ජනතාව එකම කොඩියක් යටතට ගෙන එමින් මේ රට දූෂණයෙන්, වංචාවෙන් තොර ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ස ගොඩනැගීමේ ගමන ද එම මැතිවරණ ජයග‍්‍රහණයත් සමග අරඹන බව ජනාධිපතිවරයා පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වෙන ජනහමු මාලාවේ කෑගල්ල දිස්ති‍්‍රක් ජන හමුව මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් කෑගල්ල පොළ භූමියේදී පැවැත්විණි.
COMMENTS