හෙට උදෑසන 11.30 සිට සවස 1.00 දක්වා කාලය තුළ කටුනායක ගුවන් තොටුපලේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ පෑලියගොඩ, බණ්ඩාරනායක මාවත, ඔරුගොඩවත්ත හංදිය, දෙ...
හෙට උදෑසන 11.30 සිට සවස 1.00 දක්වා කාලය තුළ කටුනායක ගුවන් තොටුපලේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ පෑලියගොඩ, බණ්ඩාරනායක මාවත, ඔරුගොඩවත්ත හංදිය, දෙමටගොඩ, බොරැල්ල හංදිය, ඩි.එස් හංදිය, ශ්‍රින්පාර්ක්, නෙළුම් පොකුණ හංදිය, පුස්තකාල වටරවුම, ලිබර්ටි වටරවුම, සෙන් මයිකල් පාර ඔස්සේ ගාලු පාර දක්වා මාර්ගය ඉන්දුනීසියානු ජනාධිපතිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන් වසා තැබෙන බව පොලීසිය පවසයි.
එමෙන්ම සිංගප්පූරු අගමැතිවරයා ශ්‍රී ලංකාවෙන් පිටවීම හේතුවෙන් සවස 1.00 සිට සවස 2.00 දක්වා කාලය තුළ කොල්ලුපිටිය හංදිය, පිත්තල හංදිය, පුස්තකාල වටරවුම, නෙළුම් පොකුණ හංදිය, ශ්‍රින්පාර්ක්, ඩි.එස් හංදිය, බොරැල්ල හංදිය, දෙමටගොඩ, ඔරුගොඩවත්ත හංදිය, බණ්ඩාරනායක වටරවුම, පෑලියගොඩ අධිවේගී මාර්ගයෙන් කටුනායක ගුවන් තොටුපළ දක්වා වූ මාර්ගය වසා තැබේ.
අදාළ කාලය තුළ කොළඹ සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා මාර්ගවල වාහන ගමනාගමනය සිමා කර ඇති බැවින් ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී ඇත.
COMMENTS