ඉ දිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනණව ක්‍රියාත්මක කිර...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනණව ක්‍රියාත්මක කිරීමටත් ප්‍රතිඥා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
එසේම එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලන කාලය බවයි. 2015 ජනවාරි 08 වනදා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් පැවති පාලනයට එරෙහිව ඡන්දය භාවිතා කළේ එම නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මුළු මහත් සමාජයම විනාශ කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාවය වී ඇති බවත්, එම ගැටලූවට විසඳුම් සෙවීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවත්ය.
එසේම මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු දේශපාලන අනුග්‍රහයක් හිමි නොවිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සඳහන් කළේ ඉදිරියේ දී කුමන ආණ්ඩුවක් බලයට පත්වුව ද ජනතාව පීඩාවට පත්වන සියලූ කරුණු වෙනස් කිරීමට කැපවීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය යුතු බවයි.

COMMENTS