එ ක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා මේ සතියේදී නම් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ. ඒ සඳහා මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරිය එකට කැඳව...
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා මේ සතියේදී නම් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
ඒ සඳහා මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරිය එකට කැඳවීමට අග්‍රාමාත්‍ය හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානම්වන බව පැවසේ.
රහස් ඡන්දයක් මගින් අපේක්ෂකයා තෝරා ගත යුතු බවට පසුපෙළ මන්ත්‍රී පිරිසක් දැනටමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
අපේක්ෂකයා තෝරාගත් දිනම නව සන්ධානය ස්ථාපිත කෙරෙන බව පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා කියා සිටියේය.
එම කටයුතු අතරතුර සජිත් හිතවාදී මන්ත්‍රීන් සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් අගෝස්තු මස අවසාන සතියේ කොළඹ ගාලු මුවදොර එ.ජා.ප. රැළියක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර තිබේ.
සුරේෂ්ලාගේ මතේ
මේ අතර, සියලුම දේශපාලන පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම් කළ පසු දෙමළ පක්ෂ තමන් සහය දිය යුතු කණ්ඩායම තීන්දු කරන බව ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියයි.
ඊට පෙර දෙමළ පක්ෂ තම ඉල්ලීම් එකී දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කරන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.
ප්‍රධාන පක්ෂවලින් මෙතෙක් අපේක්ෂකයකු නම් කර ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණ පමණක් බවත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙතෙක් කිසිවකු නම් කර නොමැති අතර බොහෝ විට රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ඉදිරිපත් වීමට අවකාශ ඇති බවත් ඔහු කියා සිටියේය.

COMMENTS