එ ළඹෙන මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයින්ට භාවිතා කිරීම සඳහා දේශපාලන පක්ෂ වල නම් රුපියල් මිලියන 5 සිට 6 දක්වා මුදලකට ලබාගත හැකි බව වාර්තාවේ. ...
එළඹෙන මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයින්ට භාවිතා කිරීම සඳහා දේශපාලන පක්ෂ වල නම් රුපියල් මිලියන 5 සිට 6 දක්වා මුදලකට ලබාගත හැකි බව වාර්තාවේ. සන්ඩේ ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට දේශපාලන පක්ෂයකට අනුබද්ධ නොවන නමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයෙකු එළෙස පක්ෂයේ නම සහ සංකේතය මුදල් සඳහා ලබා ගෙන ඇත.
පවත්නා මැතිවරණ නීති යටතේ, ජනාධිපති අපේක්ෂකයෙකුට ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය යුතු වන අතර නොඑසේ නම් පිළිගත් දේශපාලන පක්ෂයකින් තරඟ කළ යුතුය. මේ වන විට දේශපාලන පක්ෂ 70 ක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇත.
කෙසේ වෙතත්, මෙම ලියාපදිංචි දේශපාලන පක්ෂ සමහරකගේ නිලධාරීන් පමණක් සිටින අතර ඒවා කිසිදු දේශපාලන කටයුත්තක නිරත නොවෙයි.
සන්ඩේ ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට සමහර දේශපාලන පක්ෂ අපේක්ෂකයින්ට තම පක්ෂ නම් සහ සංකේත යටතේ තරඟ කිරීමට ඉඩ දීම පිළිබඳව “සාකච්ඡා” කිරීමට කැමැත්තෙන් සිටි බව වාර්තා වේ.
ස්වාධීන අපේක්ෂකයින් සහ වෘත්තීය කණ්ඩායම් කිහිපයක් ද එම පක්ෂ හරහා තම අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටිති.

COMMENTS