දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආනයන අපනයන බලපත්‍ර දැන් අන්තර්ජාලයෙන්.
Homeගොසිප්

ආනයන අපනයන බලපත්‍ර දැන් අන්තර්ජාලයෙන්.

PropellerAds

දේශීය හා ජාත්‍යන්තර වෙළෙද කටයුතු වල දී ලිපි ලේඛන අතර ප්‍රමුඛ වන ආනයන අපනයන බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම සැලසේ. සංවර්ධන උපා...

ගෝඨා­භ­යට අධි­චෝ­දනා ගොනු වෙයි.
‘බේරේ වැව කොළඹ අසූචි වළ වෙලා’
වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කරමින් ජනධිපතිතුමා කිව්ව තේරවිල්ල [Video]

දේශීය හා ජාත්‍යන්තර වෙළෙද කටයුතු වල දී ලිපි ලේඛන අතර ප්‍රමුඛ වන ආනයන අපනයන බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම සැලසේ.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.

www.imexport.gov.lk සහ www.gov.lk යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගත හැකිවේ.

මේ අනුව ආනයන අපනයන බලපත්‍රය ලබා ගැනීම සදහා වන අයදුම්පත ඉහත වෙබ් අඩවි වෙත ප්‍රවේශ වී අයදුම්කරු විසින් සම්පුර්ණ කිරීමෙන් පසු ඒ ඔස්සේම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිමේ පහසුකම මෙම පද්ධතිය මගින් ලැබේ.

තවද මෙම ආනයන අපනයන බල පත්‍රය නිකුත් කිරීම සදහා සෙසු ආයතන23ක් මගින් අවශ්‍යය කෙරෙන නිර්දේශ සහ අනුමත කිරීම් සදහා අයදුම්පත මෙම පද්ධතිය මගින් ස්වයංක්‍රීයව යොමු වන බවද ‍එමගින් බලපත්‍ර අයදුම් කරුවන්ට ඉතා කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබා ගැනිමට හැකිවන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

මෙම පද්ධතිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය නව තාවයකින් එලිදැක්වීම නොබෝදා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික්‍රම වෙළෙද රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේදී සිදු විය.

මෙහිදී අදහස් දැක්වු වෙළෙද රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා සදහන් කළේ ජාත්‍යන්තර නිර්නායකයන්ට අනුකූලව මෙරට ආනයන අපනයන වෙළෙද කටයුතු තවත් ඉහලට ගෙනයෑමට මෙවැනි සේවාවන් හදුන්වා දීම මගින් පිටු බලයක් වන බවත් මේ වන විට රාජ්‍ය අංශයේ කටයුතු ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමේ කටයුතු සාර්තකව සිදුවෙමින් පවතින බවත් මේ නිසා රටේ ජනතාවට පුරවැසි සේවාවන් ඉතා කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකිවී තිබෙන බවත්ය.

මෙහිදී අදහස් දැක්වු විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා සදහන් කළේ එක්සත් ජාතීන්ගේ ඉ-රාජ්‍ය දර්ශකයට අනුව රාජ්‍ය ආයතන රැසක් සම්බන්ධ කර ගනිමින් ඉ-සේවාවන් ලබාදීම ඉතා වැදගත් කොට සලකන බවත් එසේම ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී මෙය සන්ධිස්ථානයක් වන බවත්ය.

අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් චින්තන ලොකුහෙට්ටි ආනයන අපනයන පාලක ජනරාල් දමයන්ති එස් කරුණාරත්න ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක් විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කාංචන තුඩුගල යන මහත්ම මහත්මීන්ද ආනයන අපනයන කරුවෝ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආනයන අපනයන බලපත්‍ර දැන් අන්තර්ජාලයෙන්.
ආනයන අපනයන බලපත්‍ර දැන් අන්තර්ජාලයෙන්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-PoRTvn-fHSbQPUyOXrmQJStTQ_4t3ZtCrkyANIQgRjde-KGD6xgbWV1woUnpAm_-MpKCd4s5ibd4VBV-3yKeyOepOzELLfRdZUhOQbbzjnO45BlAX9p460WBIOs7VQ_wGPRM4UpCtBjv/s1600/Trade-Licion.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-PoRTvn-fHSbQPUyOXrmQJStTQ_4t3ZtCrkyANIQgRjde-KGD6xgbWV1woUnpAm_-MpKCd4s5ibd4VBV-3yKeyOepOzELLfRdZUhOQbbzjnO45BlAX9p460WBIOs7VQ_wGPRM4UpCtBjv/s72-c/Trade-Licion.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_646.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_646.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy