තමන් දිවුලපිටිය එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ එම ආසනයේ පස් මාෆියාව සිරිකොත මුලස්ථානයට දිගින් දිගටම කරන ලද බලපෑම...
තමන් දිවුලපිටිය එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ එම ආසනයේ පස් මාෆියාව සිරිකොත මුලස්ථානයට දිගින් දිගටම කරන ලද බලපෑම් නිසා යයි තමන් විශ්වාස කරන බව නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා පවසයි.
තමන් එම ආසනයෙන් පන්නා දැමීමට දිවුලපිටිය ආසනයේ පස් මාෆියාවට විශාල උවමනාවක් තිබූ බවත් ඒ අනුව එම පස් මාෆියාව ජය ගත්තා විය හැති බවත් රාමනායක මහතා කියයි.
එජාප දිවුලපිටිය ආසන සංවිධායක නියෝජ්‍ය ඇමතිවරයා ඉවත් කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මෙසේ කීවේය.
තමන් යම් ලෙසකින් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කලහොත් වෙනත් පක්ෂයකට නොයන බවත් කෙලින්ම යන්නේ සිනමාවට බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
කතෘ සටහන : රටේ ප්‍රධාන පක්ෂයකට මෙවන් ඉරණමක් අත්වීම කණගාටුදායකය. පස් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට පක්ෂයක ආසන සංවිධායකවරයෙක් ඉවත් කල හැකි නම් එවන් පක්ෂයක පාක්ෂිකයන්ට අත්වන ඉරණම ඛේදවාචකයක් බව අප හැඟීමයි.
එසේම එවන පක්ෂයකට රාජ්‍ය පාලනය කල හැකිදැයි යන්නත් රට හමුවේ ඇති අර්බුධයකි.
Ranjan appointed Gampaha UNP Organiser - https://t.co/wgafyIdwLa #SriLanka http://pic.twitter.com/L50xtK40tp— DailyMirror (@Dailymirror_SL) November 1, 2017
COMMENTS