අම්පාර දිස්ති‍්‍රක්කයේ එරකාමම් ප‍්‍රාදේශීය සභාවේ, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 4 දෙනෙකු ජනාධ...
අම්පාර දිස්ති‍්‍රක්කයේ එරකාමම් ප‍්‍රාදේශීය සභාවේ, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 4 දෙනෙකු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්විය.
එම්.ජේ. රවුෆ්, අමීර් අලී ෆායිස්, එම්.එන්. සෆ්රාස්, එස්.ඒ. ජෙමිරූල් යන මහත්වරුන් මෙලෙස ජනාධිපතිවරයා හමුවී එතුමාගේ ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කිරීමට එක්විය.
මේ අතර කොළොන්නාව නගර සභාවේ, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිතව සිටී ඒ.එල්. නිර්මලා මහත්මිය ද ඊයේ(06) ජනාධිපතිවරයා හමුවී එතුමාගේ වැඩපිළිවෙළට සහය පළ කිරීමට එක් විය. කොළොන්නාව හිටපු නියෝජ්‍ය නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා ද එම අවස්ථාවට එක් විය.
ජාතික නිදහස් පෙරමුණේ ගාල්ල දිස්ති‍්‍රක් නායක ඉන්ද්‍රජිත් විජේවර්ධන මහතා ද ඊයේ ජනාධිපතිවරයා හමුවී එතුමාගේ වැඩපිළිවෙළට සහය පළ කළ අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු සහ පළාත් සභා සංවිධායකයින් ලෙස කටයුතු කරන ප‍්‍රබල සාමාජිකයින් ඇතුළු 21 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් ද ඊයේ ජනාධිපතිවරයා හමුවී ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව සඳහන් කළහ.
මේ අතර සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මනාප 22,000ක් ලබාගත් අපේක්ෂකයෙකු වන ඒ.එල්.එස්. ලෙබ්බේ මහතා සහ එරක්කාමි ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක වූ එච්.එල්.ඒ.එම්. සිද්දීජ් මහතා ද ඊයේ ජනාධිපතිවරයා හමුවී එතුමාගේ වැඩපිළිවළෙට සහය පළ කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක් විය.
මහරගම නිල් බලකායේ හිටපු සභාපති එච්. මංජුල ප‍්‍රසන්න කුමාර මහතා ඇතුළු 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ ජාතික සේවක සංගමයේ සහ කොළඹ මැණිං වෙළෙඳ පොළේ එක්සත් ජාතික පක්ෂ කොට්ඨාස සංවිධායකවරුන් ඇතුළු පිරිසක් ද ඊයේ ජනාධිපති නිල නිවස වෙත පැමිණ ජනාධිපතිවරයා හමු වී එතුමාගේ වැඩපිළිවෙළට සහය පළ කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.
COMMENTS