“බන්ධනාගාර තුළ ඉද ගෙන මේවා දිගින් දිගටම කරනවා නම් ඉතිරි ටිකත් මාරු කරනවා.” යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත...
“බන්ධනාගාර තුළ ඉද ගෙන මේවා දිගින් දිගටම කරනවා නම් ඉතිරි ටිකත් මාරු කරනවා.” යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරීම සදහා ස්ථාපිත කළ විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට 2018.08.21 (ඊයේ ) පෙරවරුවේ අළුත් කඩේ උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී එක්වෙමිනි.
එහිදි නව විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණ තුළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට ද අමාත්‍යවරිය එක් විය.
එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට අමාත්‍යවරිය මෙසේ පිළිතුරු ලබා දුන්නාය.
“අපි දැන් බන්ධනාගාර තුළ යම්කිසි පාලනයක් ඇති කරනවා. දැන් අවුරුදු 42 කට පස්සේ බන්ධනාගාර තුළ සිදු කරමින් යන කටයුතු නිසා. මේ බන්ධනාගාර තුළ ඉද ගෙන මත් කුඩු ව්‍යාපාරයේ පවත්වා ගෙන යන අය සම්බන්ධව අපිට රජයක් හැටියට තීරණයක් ගන්න සිදු වෙලා තියෙනවා. ඉතිං බන්ධනාගාරය තුළ ඉන්න සියලුම රැදවියන් මේ අතලොස්සක් කරන වැඩවලට වගකියන්න ඕන නැහැ. විශේෂයෙන් ඔය කාන්තා රැදවියන්ගේ ස්ථානයේ මේ සදහා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. පිටතින් මේ මත් ද්‍රව්‍ය එනවා කියලා ඉතිං ඒ වෙනුවෙන් අපිට ගන්න සිද්ද වුණා තීන්දු තීරණ කිහිපයක් . හිටපු නිලධාරීන් සම්බන්ධව තීන්දු තීරණ කිහිපයක් ගන්න තිබුණා.ඒ වගේම ඒ සදහා යොමු වුණු රැදවියෝ දැන් ඔය වහලය උඩ ඉද ගෙන හේතුවක් නැතිව කෑ ගහන අය පුරුද්දක් හැටියට කාලයකට ඇවිල්ලා යන අය.ඊයේ පෙරේදා තමයි නඩු ප්‍රමාදය ගැන කථා කරන්නේ .ඉතිං ඒ වෙනුවෙන් අපේ අමාත්‍යාංශය යටතේ තියෙන රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු කඩිනම් කරලා තියෙනවා.අධිකරණය තමයි ඒ අයගේ ඇප සම්බන්ධව.දිගින් දිගටම කාන්තාවන් හැටියට ඒ කටයුතුවලට සම්බන්ධ වෙනවා නම් ඇප දීලා වැඩක් නැහැ කියලා හිතලා ඇති කවුරු හරි.”
“රැදවියෝ ඕනම බන්ධනාගාරයකට මාරු කිරීමේ බලය බන්ධනාගාර ඇමති විදිහට මට පනතෙන් ලබාදීලා තියෙනවා.ඒ සම්බන්ධයෙන් ඉදිරියටත් මාරු කිරීම් කරනවා.කිසිම වෙලාවක කවුරු මොනවා කිවුවත් නතර කරන්නේ නැහැ.අපි කැප වෙලා ඉන්නේ .අපිට ජනප්‍රිය වෙන්න නෙමෙයි අපිට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා බන්ධනාගාර තුළ ඉද ගෙන මේවා කරන කොට.දිගින් දිගටම මේවා කරනවා නම් ඇබ්බැහි වෙච්ච අය.නිරන්තරයෙන්ම ඉතිරි ටිකත් මාරු කරනවා. ඊයේ දිනයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ ඇති වෙච්ච තත්වය පාලනය කරන්න මේකට නායකත්වය දුන්න 52 ක් මාරු කරලා තියෙනවා.”යැයිද ඇය වැඩිදුරටත් පැවසීය.
COMMENTS