බ්‍රිතාන්‍ය නියෝජිතයින් පිරිසක් හා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අතර රහසිගත සාකච්ඡාවක...
බ්‍රිතාන්‍ය නියෝජිතයින් පිරිසක් හා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අතර රහසිගත සාකච්ඡාවක් ඊයේ (21) සවස යාපනයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්විණි.
මේ සාකච්ඡාව ආවරණය කිරීම පිණිස මාධ්‍යවේදීන් පිරිසක් අදාල හෝටලය වෙත ගොස් ඇතත් එම සාකච්ඡාව පැවැත්වූ ස්ථානයට යාමට හෝටලයේ ආරක්ෂක නිලධාරීන් අවසර ලබා දී නොමැත.
සාකච්ඡාවෙන් පසුව බ්‍රිතාන්‍ය නියෝජිතයින්ගෙන් මාධ්‍යවේදීන් තොරතුරු විමසා සිටියත් ඔවුන් කිසිවක්ප්‍රකාශ නොකොට හෝටලයෙන් පිටව ගොස් ඇත.
මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සමග උතුරේ දැනට පවතින තත්ත්වය පිළිබදව සාකච්ඡා කළ බවයි.
නමුත් ඒ රාජ්‍ය තාන්ත්‍රිකයින් කවුදැයි විමසූ විට මන්ත්‍රීවරයා ඊට පිලිතුරු ලබා දී නොමැත.
(දිනසේන රතුගමගේ)
COMMENTS