ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්‌සත් ජාතික පක්‍ෂය ඇතිකරගත් යහපාලන ආණ්‌ඩුවක් සඳහා වූ ගිවිසුම වසර 2020 දක්‌වා පවත්වාගෙන යෑමට තම පක්‍ෂයට කි...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්‌සත් ජාතික පක්‍ෂය ඇතිකරගත් යහපාලන ආණ්‌ඩුවක් සඳහා වූ ගිවිසුම වසර 2020 දක්‌වා පවත්වාගෙන යෑමට තම පක්‍ෂයට කිසිදු ගැටලුවක් නැතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර තිබේ.
යහපාලන ආණ්‌ඩුවක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ගිවිසුමකට අත්සන් තැබුවේ දූෂණයෙන් වංචාවෙන් තොර රටක් ගොඩනැඟීම සඳහා බවත් ඒ සඳහා ගෙවුණු වසර දෙක තුළ ශක්‌තිමත් අඩිතාලමක් දැමීමට හැකි වූ බවත් ඔහු සඳහන් කර ඇත.
යහපාලන ආණ්‌ඩුව බිඳ දැමීමට උත්සාහ ගන්නේ දූෂණ වංචාවල නිරත වූ දේශපාලඥයන් බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
COMMENTS