තමා ඇමැතිකම් දමා ගොස් සැබෑ හොරුන්ට එරෙහි නව සටනක් ඇරඹීමට සූදානම් බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද සිට ඒ සටන අරඹන අතර තමා ඇතුළු ත...
තමා ඇමැතිකම් දමා ගොස් සැබෑ හොරුන්ට එරෙහි නව සටනක් ඇරඹීමට සූදානම් බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද සිට ඒ සටන අරඹන අතර තමා ඇතුළු තවත් විශාල මන්ත්‍රී ඇමැතිවරු පිරිසක් ඊට එක්ව සිටින බවත් අනාගතයේ දී ඒ අය කව්දැයි හෙළිකරන බවත් රවි කරුණානායක ඇමතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේය.
“මේක කුමන්ත්‍රණයක්.. හොරු හෙළිකරලා හොරුන්ට එරෙහිව ආණ්ඩුව ගෙනාවේ අපි. නමුත් දැන් අපි හොරු වෙලා හොරු නිදැල්ලේ ඉන්නවා.. දැන් ආණ්ඩුව කරන්නේ අපි නෙමෙයි ඒ හොරු..
ඒ හොරු අල්ලන්නත් එහෙනම් ජනාධිපති කොමිෂමක් දමා මේ වගේ ෆාස්ට් ෆෝර්වඩ් වැඩකරන්න.. ඔහු ඉල්ලා සිටියේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ප්‍රමාද වීම නිසා කිසියම් කුමන්ත්‍රණයක් ඇති බව සිතෙන නිසා හොරුන්ට පාඩමක් උගන්වා ගෙදර යන එක හොඳ බව තමන් සිතන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ජනවාරි අට ලත් ජයග්‍රහණයේ පළමු වෙඩි මුරය සඳහා තම මන්ත්‍රී පදවිය පුදා එළියට බැස ඌව පළාත් සභාවට සටන් කර ජය ලබා ජනවාරි 8 ජයග්‍රහණයේ මාවත සැකසූවේ හරීන් ප්‍රනාන්දු මහතා ය.
COMMENTS