ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය නොතකා එය පවත්වාගෙන යාම නිසා එයට උරණ වූ වැසියන් පිරිසක් සුසාන භූමියේ තාප්පය පසුගියදා කඩා ඇති අතර මේ හේතුවෙන් 30ක...
ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය නොතකා එය පවත්වාගෙන යාම නිසා එයට උරණ වූ වැසියන් පිරිසක් සුසාන භූමියේ තාප්පය පසුගියදා කඩා ඇති අතර මේ හේතුවෙන් 30ක් පමණ දෙනාට බන්ධනාගාර ගත වීමට සිදු විය.
එහිදී අධිකරණය මගින් ලබා දුන් තීන්දුව වූවේ සුසාන භුමිය වටා උස තාප්පයක් ඉදිකරන ලෙසටත් තවද අඩි 10ක් උස දුම් කවුළුවක් සහිත ගෑස් ආදාහනාගාරයක් ඉදිකිරීමටයි.එයට වියදම් වන රුපියල් මිලියන 7ක මුදල ආදාහනාගාර කමිටුව විසින් දැරිය යුතු වන බවටත්ය.
නමුත් මෙම තීරණයට ගම් වැසියන් එකග නොවන අතර ඔවුන් පවසා සිටින්නේ එම සුසාන භුමිය එම ස්ථානයෙන් ඉවත් කල යුතු බවත් ඊට ආසන්නයේ පිහිටා තිබෙන අක්කර හතර හමාරක පමණ විශාල භුමිය ඒ සියල්ලටම ප්‍රමාණවත් බවත්ය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් උතුරු ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී උතුරු ආණ්ඩුකා තුමන් කියා සිටියේ
සුසාන භුමි පරිපාලනය නීත්‍යානුකුල අයිතිය වන්නේ පළාත් පාලන ආයතන වලට බවත් උතුරු පළාතේ උද්ගත වී ඇති මෙම ආරවුලට විසදුම් ලබා දිය යුත්තේ පළාත් පාලන ආයතන,එම කොමසාරිස් හා උතුරු පළාතේ පළාත් පාලන අමාත්‍යාංශය මගින් වන අතර එම ගැටලුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසටයි.
මෙම අවස්තාවට පළාත් පාලන කොමසාරිස් පැට්‍රික් නිරන්ජන්, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභා ලේකම්, ග්‍රාමසේවක, නීතීඥ කදිරගාම නාදන් හා පුරවැසි සංගමයේ නායක සෝදුවේල් යන අය සහභාගීවිය.
වන්නි රොමේෂ් මධුෂංඛ
උතුරු ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාව හා පැවත්වෙන සත්‍යග්‍රහයේ ඡායාරූප පහතින් පලවේ
COMMENTS