දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජන්ද කල්දැමීමේ සොහොන් ළකුණු - සුනන්ද දේශප්‍රිය

පළාත් පාලන මැතිවරණ මෙම දෙසැම්බරයේදී පැවැත්වෙන බවට ආරංචි ඇතත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිශ්චිත වචනයක් දී නැත. ආණ්ඩුව මේ වන විට අවස්ථා ගණනාවක...

ජන්ද කල්දැමීමේ සොහොන් ළකුණු - සුනන්ද දේශප්‍රිය



පළාත් පාලන මැතිවරණ මෙම දෙසැම්බරයේදී පැවැත්වෙන බවට ආරංචි ඇතත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිශ්චිත වචනයක් දී නැත. ආණ්ඩුව මේ වන විට අවස්ථා ගණනාවකදීම පළාත් පාලන ජන්දය පවත්වන බවට දෙන ලද දින වකවානු කල් දමා තිබේ.

මැතිවරණ කල් දැමීම යනු ආණ්ඩුවක සොහොන් ළකුණූ පහළ වීමය. ඊට හොඳම උදාහරණය නම් ස්වකීය ‘ සමාජවාදී ‘ පාලනය දීර්ඝ කර ගැනීම පිණිස 1975 සිට 1977 දක්වා දෙවසරකින් පාර්ලිමේන්තුවෙහි කාලය දික්කර ගත් සිරිමා බණ්ඩරනායකගේ ආණ්ඩුවට අත්වූ ඉතිහාසගත පරාජයයි.

මැතිවරණ යනු රටක ජනතාවට රටෙහි පාලනය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීමට ලැබෙන ප්‍රධානතම අවස්ථාවය. එය පැහැර ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතියක් කෙළෙසීමයි. මෙරට යළි ප්‍රජාතන්ත්‍රවාදයේ මාවතට ගැනීමේ පොරොන්දුව පිට බලයට පැමිණි රනිල් - සිරිසේන ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ තීරණාත්මක හැරවුම් ලක්ෂණයක් බවට පත්වීමට මෙළෙස මැතිවරණ කල්දැමීමට පත්වීමට බොහෝ දුරටම ඉඩ තිබේ.

ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබුණේ නම් සීමා නිර්ණ ගැටළු නොතිබූ සියයකට අධික පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමට ඉඩ තිබුණි. එසේ නමුත් ආණ්ඩුව කළේ ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් සහ එකක් හැර එකක් නව සංසෝධන අවශ්‍ය යැයි කියමින් සියලු පළාත් පාලන ආයතන මැතිවරණ කල් දැමීමය.

එළඹෙන සැප්තැම්බර් මාසයේදී විසුරුවා හැරීමට නියමිත පළාත් සභා මැතිවරණ කල් දැමීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන එන ලද යෝජනාව 20වන සංසෝධන කෙටුම්පත ලෙස දැන් ගැසට්කර තිබේ.

මෙම කල් දැමීමට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ සියලු පළාත් සභා ජන්ද එක දිනයක පැවැත්වීමට ඇති අවශ්‍යතාවයයි. එය හොඳ අදහසකි. එය ආණ්ඩුව ගෙන එන බවට පොරොන්දු වී ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කිරීමට ඉඩ තබා මෙම පළාත් සභා ජන්ද තුන පැවැත්විය යුතුව තිබුණි.

දැන් ඉදිරිපත් කර ඇති සංසෝධනය සම්මත වුවහොත් ඉහත කී පළාත් සභා තුනෙහි කාලය ඉබේම දෙවසරකින්ද උතුරු පළාත් සභාවෙහි කාලය වසරකින්ද වැඩි වී සියලු පළාත් සභා මැතිවරණ 2019 නොවැම්බර් දක්වා කල් යනවා පමණක් නොවේ.

මෙම සංසෝධනයෙහි බලය බෙදීම පිළිබඳ සංකල්පය අහෝසි කැරෙන වගන්තියක් ද තිබේ.

ඉන් කියැවෙන්නේ කුමන හේතුවක් නිසා හෝ නියමිත කාලයට පෙර පළාත් සභාවක් විසුරුවා හැරීමට සිදු වුවහොත් අවසානයට මැතිවරණය පැවැත්වූ පළාත් සභාව විසුරුවා හැරෙන තුරු එම පළාත් සභාවෙහි බලය පාර්ලිමේන්තුවට පැවරෙන බවයි. උදාහරණයක් වශයෙන් ජන්ද පෙත්සමක් හෝ විශ්වාස භංග යෝජනාවක් නිසා හෝ පළාත් සභාවක පාලන කාලය අහෝසි වුව හොත් එහි බලය පාර්ලිමේන්තුවට පැවැරෙන බවයි. මෙම තත්වය ඇතිවූයේ උතුරු හෝ නැගෙනහිර පළාත් සභාවකට අදාළව නම් ඉන් පසු එම පළාත් සභා පාලනය කැරෙනු ඇත්තේ කොළඹ පාර්ලිමේන්තුව විසිනි.

මෙම 20වන ආණ්ඩුක්‍රම සංසෝධනය සම්මත වී නව ව්‍යවස්ථා සංසෝධනය ඇති නොවුවහොත් මෙකී බලය බෙදීමට අවලංගු කැරෙන නීතිය සදාකාලික වනවා ඇත. නව ව්‍යවස්ථාවක් ඇති වන්නේද නැත්ද යන්න දැන් පවත්නනේ දෙකට දෙවාරනයේය.

මෙම සංසෝධනය පිළිබඳ පැවැති සාකච්ජාවන්හිදී ආණ්ඩුවට සම්බන්ධ සියලු දේශපාලන පක්ෂ ඊට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. මෙම වර්ධනය සම්බන්ධයෙන් වඩාම ප්‍රසාදයට පත්ව සිටින්නේ මහින්ද රාජපක්ෂ පාර්ශවයයි. තමන් මෙම සංසෝධනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව දැනටමත් රාජපක්ෂ පාර්ශවය ප්‍රකාශ කර තිබේ.

එසේ නමුත් 1998 වසරෙහි පළාත් සභා තුනක මැතිවරණ කල දමන ලද්දේ රාජපක්ෂ මහතාද ඇමැතිවරයකු වූ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසිනි.

1998 ජූනි මාසයේදී මධ්‍යම, ඌව, බටහිර සහ සබරගමුව යන පළාත් සභාවන්හි ධූර කාලය අවසන් විය. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ජූලි 05වන දින නාමයෝජනා සඳහා දින නියම කළේය. මැතිවරණය සඳහා අගොස්තු 28 දිනය නියම කෙරැණි. ජනාපතිනි කුමාරතුංග අගොස්තු 04වන දින හදිසි නීති රෙගුලාසි භාවිත කරමින් එම ජන්ද විමසීම් දින නියමයක් නොමැතිව කළ දමන ලදී. මැතිවරණ පැවැත්වුව හොත් තමන් පරාජය වනු ඇතැයි කුමාරතුංග බියවිය.

මෙම නියෝගයට එවකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් ව සිටි එරෙහිව වරුණ කරුණාතිලක සහ මා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි පෙත්සමක් ගොනු කළෙමු. කුමාරතුංගගේ නියෝගය අවලංඟු කරමින් තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරණය‍‍‍‍ කියා සිිටියේ පුළුල් අර්ථයෙන් ප්‍රකාශනයේ නිදහසට ජන්දය දීමේ අයිතිය ද ඇතුළත් වන බවයි. අද ආණ්ඩුවට පළාත් සභා ජන්ද කල් දැමීමට ව්‍යවස්ථා සංසෝධනයක් ගෙනඒමට සිදුව ඇති එම ශ්‍රේෂඨාධිකරන නඩු තීන්දුව නොපිට පෙරළනු පිනිසය. මේ අතින් නම් රනිල් වික්‍රමසිංහ යනු ජේ. ආර්. ජයවර්ධනගේ නියම ගෝලයෙකි.

එකළ මහින්ද රාජපක්ෂ මහතාද පෙනී සිටියේ පළාත් සභා මැතිවරණ දේශපාලන උවමනාව උඩ කල් දැමීම වෙනුවෙනි. අනතුරුව 1999 පෙබරවාරියේදී සිදුකළ කුප්‍රසිද්ධ වයඹ පළාත් සභා මැතිවරණ මංකොල්ලය ඇයගේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනයේ හැරවම් ලක්ෂයක් බවට පත් විය. එම මැතිවරණ කොල්ලයේහිදී මහින්ද රාජපක්ෂ මහතා මැර කල්ලියක් සමඟ මැතිවරණ දිනයෙහි පුත්තලම ජන්ද ව්‍යාපාරයේ යෙදෙන ජායාරූපයක් කුප්‍රසිද්ධියට පත්විය. ඔහු පමණක් නොව මෙම ආණ්ඩුවේ ඇමැතිකම් දරන බොහෝ අය කුප්‍රසිද්ධ වයඹ මැතිවරණ කොල්ලයේ සූරයන්ය.

වන්ද්‍රිකා කුමාරතුංගගේ දේශපාලන ව්‍යාපෘතියේ සුජාතබව අහෝසි වී යෑමට එළෙස මැතිවරණ කල්දැමීම සහ ජන්ද මංකොල්ල බලපෑවේය. ඇය විසින් ඉදිරිපත් කරන ලද 2000 ව්‍යවස්ථා කෙටුම්පත පරාජය වූයේ ද ඒ වන විට ඇය දේශපාලන වශයෙන් විශ්වාස කළ නොහැකි වරිතයක් බවට පත්ව සිටි නිසාය.

වත්මන් ආණ්ඩුවට මහා ජනයාගේ කැමැත්තෙන් ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට අවශ්‍ය නම් දෙන ලද යහ පාලන පොරොන්දු ඉටු කිරීම අවශ්‍ය බවට දැන් පොදු දේශපාලන පිළිගැනීමක් ඇතිව තිබේ. පළාත් සභා තුනක මැතිවරණයන්ට මුහුණදීමට බිය වන ආණ්ඩුවක් නව ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යනු ඇතැයි සිතිය හැක්කේ කාටද?

එබැවින් මේ වනාහී රනිල් - මෛත්‍රී ආණ්ඩුවෙහි ගමන් මඟ තීරණාත්මක ලෙස ආපස්සට යවන පියවරක් ලෙස හැදින්වීමේ වරදක් නැත.

 

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජන්ද කල්දැමීමේ සොහොන් ළකුණු - සුනන්ද දේශප්‍රිය
ජන්ද කල්දැමීමේ සොහොන් ළකුණු - සුනන්ද දේශප්‍රිය
http://ift.tt/2wNVtWa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_382.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_382.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy