වෙඩි තබා ඝාතනය කරන ලද ගලගමුවේ දළ පුට්ටුවාගේ ඇත් දළ යුගල සහ ගජමුතු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කොට අදාළ වාර්තා දෙකක් ඉදිරිපත් කරන ලෙස...
වෙඩි තබා ඝාතනය කරන ලද ගලගමුවේ දළ පුට්ටුවාගේ ඇත් දළ යුගල සහ ගජමුතු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කොට අදාළ වාර්තා දෙකක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය, ජාතික කෞතුකාගාරයට සහ ජාතික සත්වෝද්‍යානයට නියෝග කර ඇත.
දැනට මෙම අත් දළ යුගල සහ ගජමුතු අධිකරණ භාරයේ සුරක්ෂිතව පවතින අතර ඒවා කොළඹට රැගෙන නොගොස් විමර්ශන කරන ලෙස මහව මහේස්ත්‍රාත්වරයා අදාළ අංශ වෙත නියෝග කර ඇත.
එමෙන්ම ගලගමුවේ දළ පූට්ටුවාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පෙරේදා දිනයේ දී ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ රන් කොපු යොදා සකස් කරන ලද ඇත් දළ පෙන්ඩන්ට් තුනක් සමගයි.
මේ අතර කවුඩුල්ල මින්නේරිය වනෝද්‍යානයේ ජිවත්වන විජයබා නැමැති ඇතාට ආරක්ෂාව ලබා දීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
වයස 23 ක් පමණ වන මෙම ඇතා හබරණ, දිගම්පතන ප්‍රදේශයට පැමිණ කසල බැහැර කරන අංගනයක කසල අනුභව කිරීමට පුරුදු වී ඇති බවත් එමෙන්ම විජයබා ඇතාද කිහිපවරක් දඩයක්කරුවන්ගේ වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බවත් ප්‍රදේශවාසීන් පවසති.
COMMENTS