හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය මුස්ලිම් මන්ත්‍රීවරයෙකුට ලබා දීම අනවශ්‍ය ගැටලු නිර්මාණය කිරීමක් බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා ...
හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය මුස්ලිම් මන්ත්‍රීවරයෙකුට ලබා දීම අනවශ්‍ය ගැටලු නිර්මාණය කිරීමක් බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.
නව රාජ්‍ය අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 07 ක් සඳහා මන්ත්‍රීවරුන් ඊයේ (12) දිවුරුම් දුන් අතර එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන වව්නියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් ද අප්‍රසාදය පල කර ඇති අතර හින්දු ආගම පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයෙකුට හින්දු ආගමික කටයුතු පිළිබඳ විෂය හිමිවිය යුතු බව ඔවුන් පවසයි.
COMMENTS