එකම වර්ගයේ බොර තෙල් වර්ගයක් භාවිතා කිරීම වෙනුවට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භාවිතා කළ හැකි වෙනත් විකල්ප බොරතෙල් වර්ග හඳුනා ගැනීමේ වැඩ පිළි...
එකම වර්ගයේ බොර තෙල් වර්ගයක් භාවිතා කිරීම වෙනුවට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භාවිතා කළ හැකි වෙනත් විකල්ප බොරතෙල් වර්ග හඳුනා ගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇත.
එකම බොර තෙල් වර්ගයක් භාවිතා කරන විට ඒවායේ හිඟයක් ඇති වූ විට විඳින්නට සිදුවන අසීරුතාව මඟ හරවා ගැනීම සඳහා විකල්ප බොර තෙල් වර්ග හඳුනා ගැනීමට පියවර ගෙන ඇතැයි ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.
දැනට පවතින තෙල් පිරිපහදුව වසර 46ක් පැරැණි නිසා ඉන්ධන පිරිපහදුව වර්තමානයට ගැළපෙන පරිදි වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද සඳහන් කරයි.
පිරිපහදු ධාරිතාව බැරල් 50,000ක් ලෙසට සැලසුම්කර තිබුණත් දැන් නිෂ්පාදනය කරනු ලබන්නේ බැරල් 35,000කි. වර්ෂ 2025 වනවිට බැරල් 1,20,000 දක්වා පිරිපහදු කිරීමට සැලසුම් කර ඇත.
COMMENTS