වෙහෙර විහාරස්ථානවල දියුණුව වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් ඉටු කර ඇත්තේ වත්මන් ආණ්ඩුව බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සසුනෝදය වැඩස...
වෙහෙර විහාරස්ථානවල දියුණුව වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් ඉටු කර ඇත්තේ වත්මන් ආණ්ඩුව බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සසුනෝදය වැඩසටහන යටතේ වෙහෙර විහාරස්ථාන 850ක් සඳහා ආධාර ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (04) පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාලකයින්ගේ යුතුකමක් සහ වගකීමක් වන බුදු දහම ආරක්ෂා කර ගැනීම යහපාලන ආණ්ඩුව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවයි.
එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල හිමි ප්‍රකාශ කළේ රට තුළ සාමකාමී තත්ත්වයක් පවත්වා ගෙන යාම සඳහා භික්ෂූන් වහන්සේට වැඩි වගකීමක් පවතින බවයි.
COMMENTS