වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (20) සැත්කමකට භාජනය කරන...
වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (20) සැත්කමකට භාජනය කරන බව ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා පවසයි.
උන්වහන්සේ නිර්වින්දනය කිරීමට අවශ්‍ය සෞඛ්‍ය තත්ත්වයකින් පසුවීම හේතුවෙන් මෙම තීරණයට එළඹුනු බව ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ හෘද ස්පන්දන වේගය වැඩිවීම සහ සීනි මට්ටම වැඩි වීම හේතුවෙන් උන්වහන්සේට කිරීමට තිබූ ශල්‍යකර්මය කල්දැමීමට එම රෝහලේ වෛද්‍යවරුන් පසුගියදා (13) තීරණය කළ බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ආචාර්ය දිලන්ත විතාතනගේ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවිය වෙත පසුගියදා පැවසුවේය.
උන්වහන්සේගේ වගුකඩු හා මුත්‍රාශය ආශ්‍රිතව හටගෙන ඇති සෙන්ටි මීටර් තුනක් පමණ වන ගලක් ඉවත් කිරීමට අවශ්‍ය ශල්‍යකර්මය පසුගියදා සිදුකිරීමට නියමිතව තිබුණි.
COMMENTS