මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ජන හමුව අද (1...
මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ජන හමුව අද (17දා) පසුවරුවේදී හපුතලේදී පැවැත්විණි.
ලංකා වතු කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් මෙම ජන හමුව සංවිධානය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති සුගුමාරන් නායර්, හපුතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි අශෝක උදයකුමාර යන මහත්වරුන් ද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව තිබේ.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ.
බුලත්කොළය 'කුකුළා' ලකුණින්
මෙවර පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන කිහිපයක් වෙත කුකුළා ලකුණෙන් තරගවැදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පැවැත්වීමට නියමිත මැතිවරණයේදී නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන කිහිපයකට එක්සත් ජනතා නිදහස් සන්ධානය, ලංකා කම්කරු කොංග‍්‍රසයේ කුකුළා ලකුණෙන් තරග වැදිමට සන්ධානගත වි තිබෙනවා.
ඊට අදාළ නාමයෝජනා අත්සන් තැබීම අද (17) සිදු කෙරුණේ කොටගල පිහිටි ලංකා කම්කරු කොංග‍්‍රස් කාර්යාල මූලස්ථානයේදීයි.
මෙලෙස කුකුළා ලකුණෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, කම්කරු කොංග‍්‍රසය සමග සන්ධානගතව තරග වදින්නේ දික්ඔය නගර සභාව මෙන්ම මස්කෙළිය, නෝර්වුඞ්, කොටගල, ආගරපතන හා නුවරඑළිය යන ප‍්‍රාදේශීය සභාවලටයි.
එහෙත් ලංකා කම්කරු කොංග‍්‍රසය අඹගමුව ප‍්‍රාදේශීය සභාවට කුකුළා ලකුණෙන් තනිව තරග කිරීමටයි තීරණය කර ඇත්තේ.
කෙසේවෙතත් කොත්මලේ, හගුරන්කෙත හා වලපනේ යන ප‍්‍රාදේශීය සභා සඳහා කම්කරු කොංග‍්‍රසය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතව තරග වදින්නේ බුලත්කොලය ලකුණෙන්.
මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නුවරඑළිය සංවිධායක පෙරියසාමි ප‍්‍රදිපන් පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් මෙම තීරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට අවාසියක් සිදුවන බවයි.
කුකුළා ලකුණෙන් තරග වදින පළාත් පාලන ආයතනවල නාමයෝජනා ලැයිස්තුවට කිසිඳු නිදහස් පක්‍ෂයේ දෙමළ අපේක්‍ෂකයෙකු ඇතුළත් කර නොමැති බවද ඔහු පවසනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නුවරඑළිය සංවිධායකවරයා මෙම අදහස් පළ කළේ හැටන් නගරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
COMMENTS