දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාසල් හොකී සංගමය අධිකරණට උඩින් ගිහින් : යහපාලනය යටතේ හොකී වල පල්ලට යාම දිගටම.
Homeගොසිප්

පාසල් හොකී සංගමය අධිකරණට උඩින් ගිහින් : යහපාලනය යටතේ හොකී වල පල්ලට යාම දිගටම.

PropellerAds

අධිකරණය නියෝගය පවා නොතකා හැර අද (12) මිහින්තලේ ආරම්භ වූ 18 න් පහළ පාසල් හොකී තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස  ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ...

ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී පුළුන් ඉතිරි කර මැසුවැයි 23 හැවිරිදි මව කෝටි 10 ක් වන්දි ඉල්ලයි
සයිටම් මාස 6ක් වහන්න රජය කිව්වාට අපි බැඳිල නෑ - දිගටම අපි කට්ටිය ගන්නවා - වෛද්‍ය නෙවිල්
සහල් වර්ග අනුව වෙන් වෙන්ව උපරිම සිල්ලර මිලක්


අධිකරණය නියෝගය පවා නොතකා හැර අද (12) මිහින්තලේ ආරම්භ වූ 18 න් පහළ පාසල් හොකී තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස  ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ හිටපු සභාපති සුමිත් එදිරිසිංහ සහභාගී කර ගැනීමට ශ්‍රී ලංකා  පාසල් හොකී සංගමය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

වසර 3ක පමණ කාලයක සිට මෙරට ජාතික  හොකී සම්මේලනයක් නොමැති අතර මේ වන විටත් හොකී සම්මේලනය භාරව කටයුතු කරන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාය.

ශ්‍රී ලංකා හොකී සම්මේලනයට අනුබද්ධිත ක්‍රීඩා සමාජයක් වන කොළඹ හොකී සංගමයේ සභාපතිවරයා සහ උප ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා හොකී සම්මේලන නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය අත්හිටුවන ලෙසට ඉල්ලා ගොනුකරන ලද නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා හොකී සම්මේලනයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

2018 මාර්තු 7දා නිකුත් කරන ලද එම වාරණ නියෝගයට අනුව සහ ශ්‍රී ලංකා හොකී සම්මේලන සභාපති, ලේකම් සහ  උප සභාපති පෙරුමාල් විශ්වනාදන් යන අයගේ හොකී ක්‍රීඩාව සම්බන්ධ ක්‍රියාකාරකම් අත්හිටුවා ඇත. 

එම  නඩු විභාගයේදී  පැමිණිලිකරුවන්  පෙන්වා දී තිබුණේ හොකී සම්මේලනයේ  හිටපු සභාපති  ඇතුළු පිරිස   හොකී සම්මේලනයේ එම තනතුරු දැරූ සමයේ විවිධ විසමාචාර හා අක්‍රමිකතා සිදුවූ බවත්, ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවට විශාල පරිහානියක් සිදුවූ බවත්ය.

එසේම  2018 ජනවාරි මස 8 දින නිකුත් කර ඇති 2053/7 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟිින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්  හොකී සම්මේලන නිසි බලධරයා ලෙස පත්කර ඇත.

එවැනි පසුබිමක අද පැවති පාසල් හොකී තරගාවලිය සඳහා හිටපු සභාපති සුමිත් එදිරිසිංහ ප්‍රධාන ආරාධිතයා ලෙස කැඳවීම අධිකරණය මෙන්ම රජයේ නියෝග අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් ඒ සම්බන්ධව ක්‍රීඩා  අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය යුතු බවද හොකී ක්‍රීඩාවේ උන්නතිය පතන පාර්ශවයන්ගේ අදහස වී ඇත.

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ සභාපතිවරයා වන්නේ මහනුවර ධර්මරාජ විදුහලේ විදුහල්පති දම්පිය වනසිංහ මහතායි.

එසේම පසුගිය  පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා නම්කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන්ද සම්මේලනයේ හිටපු සභාපතිවරයා සහභාගීවීමට උත්සාහ කල බවත් ඔලිම්පික් කමිටු නිලවරණය සඳහා ද  විරෝධී ආකාරයට ඉදිරිපත්වීමට උත්සාහ කල බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධව අදහස් දක්වන හොකී ක්‍රීඩාවේ උන්නතියට  ඇල්මක් දක්වන පිරිස් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ හිටපු සභාපතිවරයා සිය පාලන සමයේ මෙරට හොකී ක්‍රීඩාව විනාශකර වල පල්ලට යැවීමට අමතරව මේ වන විට පාසල් සංගමය ඇතුළු අනෙකුත් සංගම් විනාශ කරමින් තම පෞද්ගලික තන්හාවට කටයුතු කරමින් සිටින බවය. 

එහෙයින් නීති විරෝධී කටයුතු සිදුකරන  පාර්ශව හොකී ක්‍රීඩාවෙන් ඈත් කලයුතු බවත් ඒ ගැන අමාත්‍යවරයා අවධානය යොමු නොකළහොත් ක්‍රීඩාව අභාවයට යාම වලක්වාගත නොහැකි බවද ඔවුන් පෙන්වා දෙයි. එසේම අධිකරණයේ සහ රජයේ නියෝග කඩකරමින් නීති විරෝධීව කටයුතු කල පාසල් හොකී සංගමය සම්බන්ධවද විනය ක්‍රියාමාර්ග ගතයුතුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාසල් හොකී සංගමය අධිකරණට උඩින් ගිහින් : යහපාලනය යටතේ හොකී වල පල්ලට යාම දිගටම.
පාසල් හොකී සංගමය අධිකරණට උඩින් ගිහින් : යහපාලනය යටතේ හොකී වල පල්ලට යාම දිගටම.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFHrGK7Ck5ISTiIWuGBJWU_5t_tMTX5qz1fXvaQv0gKPImHlYTB4seojb05SqSWH6bah7oORCPTGdF4_zLhmis9MeDeYjQcaML15JE7zCB2vxdW0O17-Zjnu_wLCyboFbs2zq4oiPOpp0/s1600/%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25AD%25E0%25B7%258A+%25E0%25B6%2591%25E0%25B6%25AF%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%2582%25E0%25B7%2584.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFHrGK7Ck5ISTiIWuGBJWU_5t_tMTX5qz1fXvaQv0gKPImHlYTB4seojb05SqSWH6bah7oORCPTGdF4_zLhmis9MeDeYjQcaML15JE7zCB2vxdW0O17-Zjnu_wLCyboFbs2zq4oiPOpp0/s72-c/%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25AD%25E0%25B7%258A+%25E0%25B6%2591%25E0%25B6%25AF%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%2582%25E0%25B7%2584.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_682.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_682.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy