දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඉදිරියේදී තව දෙතුන් දෙනෙක් පක්ෂයෙන් යයි" - විමල් හෙළිකරයි
Homeප්‍රවෘත්ති

"ඉදිරියේදී තව දෙතුන් දෙනෙක් පක්ෂයෙන් යයි" - විමල් හෙළිකරයි

PropellerAds

තම දේශපාලන පක්ෂයෙන් ලොකු කුඩා කවුරු ඉවත්ව ගියත් යම් කම්පනයක්  ඇති වන බවත් එසේ නොදැනීමට තරම් දේශපාලනික ලාඳුරු තත්ත්වයක් තම පක්ෂයට නොමැති බව...

"ශ්‍රී ලංකාව වසර 15ක් පමණ පසුපසින්" - අධ්‍යාපන ඇමැති කියයි
රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 04කින් ගත් කෝටි 640ක බැංකු ණයවලට අර්ජුන් ඇලෝසියස් වංචා කරලා
‘රණවිරු දඩයමට පනත් දෙකක් හදලා ඉවරයි’ - බුද්ධි අංශ නිලධාරීන් දඩයම අලුත් වටයකින් අරඹලා

තම දේශපාලන පක්ෂයෙන් ලොකු කුඩා කවුරු ඉවත්ව ගියත් යම් කම්පනයක්  ඇති වන බවත් එසේ නොදැනීමට තරම් දේශපාලනික ලාඳුරු තත්ත්වයක් තම පක්ෂයට නොමැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද (28) කොළඹ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා පසුගියදා ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්ව ජනාධිපතිවරයාට සහය දැක්වීමට යෑම පක්ෂයට බලපෑමක් වුයේ ද යන්න පිළිබඳ මාධ්‍යවේදියෙකු විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.

පෞද්ගලික උවමනාවන් මත හොඳ ලන්සුවක් ලැබුණු විට යම් යම් තීරණ ගන්නා බවත් සමහර විට ඉදිරියේ දී තවත් දෙතුන් දෙනෙක් පක්ෂයෙන් ඉවත් වීමට ඉඩ ඇති බවත් වීරවංශ මහතා පවසයි.

එමෙන්ම රට දැවැන්ත පොහොර හිඟයකට මුහුණ දී ඇති බවත් අද වන විට රුපියල් 2500 කට හෝ පොහොර මිටියක් ලබා ගත නොහැකි තත්ත්වයක් මතු වි ඇති බවත් ඒ මහතා පවසයි.

තෙල් නැව පැමිණෙන තුරු සිටියා මෙන් පොහොර නැව එනතුරු බලා සිටින ලෙස ද ගොවීන්ට විෂය භාර අමාත්‍යවරයා පවසන බවත්, අමාත්‍යාංශය මඟින් කැඳවනු ලැබු ටෙන්ඩරයක් අවලංගු කර අමාත්‍යවරයා විසින් මෙයට සම්බන්ධ පස්වෙනියට නම තිබෙන  ආයතනයෙන් ටොන් 1ක් ඩොලර් 316 කට ලබා දී ඇති බවත්, ඒ හේතුවෙන් මෙම පොහොර අර්බුදය ඇතිව තිබෙන බවත් විමල් වීරවංශ මහතා පවසයි.

මෙම ගනුදෙනුව හේතුවෙන් ඩොලර් 29 පාඩුවක් මත පොහොර මෙරටට ගෙන්වීම කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වු බවත් ඒ අනුව, පොහොර මෙට්‍රික් ටොන් 73000 ක් ලබන ජනවාරි මස අග පමණ වන විට ලංකාවට පැමිණෙන අතර ඒ වන විට ගොවීන්ගේ ජීවිත පවා අහිමි වීමේ තත්ත්වයක් ඇති විය හැකි බව ද විමල් වීරවංශ මහතා කියා සිටියේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඉදිරියේදී තව දෙතුන් දෙනෙක් පක්ෂයෙන් යයි" - විමල් හෙළිකරයි
"ඉදිරියේදී තව දෙතුන් දෙනෙක් පක්ෂයෙන් යයි" - විමල් හෙළිකරයි
http://ift.tt/2DouLqy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_732.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_732.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy