තාක්ෂණ සංවර්ධනය පිළිබඳව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව වසර 15ක් පමණ පසුපසින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ප්‍රා...
තාක්ෂණ සංවර්ධනය පිළිබඳව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව වසර 15ක් පමණ පසුපසින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු ප්‍රධාන අවධිය වෙනුවෙන් සම්පාදිත ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධන පොත් කට්ටලය සහ සංයුක්ත තැටි එළිදැක්වීම සඳහා ඊයේ (15) මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ප්‍රාථමික පාසල් අධ්‍යාපනයේ පළමු ප්‍රධාන අවධිය වන 1 සහ 2 ශ්‍රේණිවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ සහ සවන් දීමේ කුසලතා වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් පොත් කට්ටලයක් සහ සංයුක්ත තැටි 3ක් සම්පාදනය කර තිබේ.
1997 වසරේ ප්‍රාථමික අධ්‍යාපන නවීකරණයේ දී හඳුන්වා දුන්, ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි විෂය පාසල්වල ක්‍රියාත්මක කිරීම සඳහා මෙතෙක් ඉගෙනුම් සම්පත් මූලාශ්‍ර අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දී නොතිබිණි.
ඒ අනුව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත ජාතික අධ්‍යාපන ආයතනය විසින් පාසල්වල ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම පොත් කට්ටලය සහ සංයුක්ත තැටි නිෂ්පාදනය කර තිබේ.
ඒ අනුව, දිවයිනේ ප්‍රාථමික ශ්‍රේණි සහිත සෑම පාසලක ම 2018 වසරේ සිට 1 සහ 02 ශ්‍රේණි සඳහා මෙම පොත් කට්ටලය සහ සංයුක්ත තැටි භාවිතයට අවස්ථාව සැලසීමට නියමිතය.
ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ භාවිතයට ගැළපෙන ඉංග්‍රීසි ළමා ගීත පොත් 2ක්, ඉංග්‍රීසි කතාන්දර පොත් 10ක්, සංයුක්ත තැටි 3ක්, සහ ගුරුවරුන් සඳහා වන ගුරු අත්‍පොතක් මෙම ඉගෙනුම් ද්‍රව්‍ය කට්ටලයට ඇතුළත් වේ.
මෙම පොත් සහ සංයුක්ත තැටි භාවිතය සම්බන්ධ ව ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීම සහ ඔවුන් මගින් ප්‍රාථමික ගුරුවරුන් දැනුවත් කිරීමට ද කටයුතු යොදා තිබෙන අතර, මීට අමතර ව දකුණු ආසියානු කලාපීය ගුරු සංවර්ධන මධ්‍යස්ථානය සඳහා අභිනවයෙන් ගොඩනැගෙන නේවාසිකාගාරයට මුල්ගල තැබීම ද අද අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
COMMENTS