ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අනුබද්ධිත ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ගුවන් සේවා නියමු සංසදය, ගුවන්යානා කාර්මික ශිල්පී සංසදය, ගුවන් යානා ඉංජින...
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අනුබද්ධිත ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ගුවන් සේවා නියමු සංසදය, ගුවන්යානා කාර්මික ශිල්පී සංසදය, ගුවන් යානා ඉංජිනේරු අංශය, අභ්‍යන්තර ගුවන් සේවා සත්කාරක සේවා සංගමය, ශ්‍රී ලංකන් විධායක සංගමය යන සංගම් 6 විසින් මෙම ලිපිය සභාපතිවරයා වෙත යොමු කර ඇත.
එහි සඳහන් වුයේ ශ්‍රී ලන්කන් සමාගමේ හිටපු පාලන අධිකාරිය එතෙක් සිදු කළ වංචා හා දුෂණ නිමවා රටේ ආර්ථිකයට බරක් නොවීම උදෙසා නව සභාපතිවරයෙකුගෙන් යුත් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කළද රජය අපේක්ෂා කළ ආකාරයෙන් පිරිසිදු පාලනයක් සමාගම තුළ ස්ථාපිත කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවයි. සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කිරීම කෙසේවෙතත් ආයතනයේ පරිපාලනය දුර්වල කල නව අධ්‍යක්ෂක මණ්ඩලය සේවකයින්ගේ අනාගතය සම්බන්ධයෙන් කිසිදු අවදානයක් යොමු නොකර බවද මෙම වෘත්තීය සංගම් යොමු කළ ලිපියෙන් චෝදනා කර ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.
“ඇමතිවරයාගේ තියෙන අධුරදර්ශි ක්‍රියාකලාපය නිසා, ඇමතිවරයාගේ ප්‍රකාශ නිසා අපිට නිවැරදි ආයෝජකයෙක් මේකට සම්බන්ධ කර ගන්න බැරි වුණා. මේ ගුවන් සමාගම රුපියලක්වත් වටින්නේ නෑ නැත්තම් මේ ගුවන් සමාගම වහන්න ඕනේ, වලදාන්න ඕනේ කියන ප්‍රකාශ කිරීම තුළින් අපිම අපේ ගුවන් සේවය අවතක්‌සේරු කිරීම තුළින් තමයි අපට නිවැරදි ආයෝජකයන් සම්බන්ධ කර ගන්න නොහැකි වුණේ.”
මෙම ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා වන අජිත් ඩයස් මහතා දැක්වුයේ මෙවැනි අදහසකි.
“2015 ජූනි මසදී සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට සැලැස්මක් අපි රජයට ඉදිරිපත් කළා. එයට කැබිනට් අනුමැතියද හිමි වුණා. අවාසනාවට මුල්‍ය තත්ත්වයේ ගැටලුකාරී බව නිසා එය ක්‍රියාවට නැංවීමට හැකි වුණේ නෑ. කළමනාකාරිත්වයට ලබා දෙන ඉහළ වැටුප් සම්බන්ධයෙන් පැතිර යන කතා වැරදියි. ජේෂ්ඨ කළමනාකාරිත්වය තම වැටුපෙන් 5% ක කොටසක් වසරක් පුරා පරිත්‍යාග කිරීමට එකඟ වුණා. මම මේ සමාගමෙන් සතයක්වත් ලබා ගෙන නැහැ. ඉදිරියේදී ලබා ගන්නෙත් නැහැ. මේවා සියල්ල මා සහ මගේ අධ්‍යක්ෂ මණ්ඩලය අධෛර්යමත් කරන්න කියන දේශපාලන කතන්දර. අපි මේ සමගම වසා දමන්න ඉඩ දෙන්නේ නෑ.”
COMMENTS