ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශංකර් මහතා මෙම සති අන්තයේදී දිවයිනට පැමිණීමට නියමිතය. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි ඔහු සමඟ ඉන්දියාවේ ඉ...
ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශංකර් මහතා මෙම සති අන්තයේදී දිවයිනට පැමිණීමට නියමිතය.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි ඔහු සමඟ ඉන්දියාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ද මෙම සංචාරයට එක්වේ.
ජෙයශංකර් මහතාගේ මෙම සංචාරයේදී දෙරට අතර ආර්ථීක හා වෙළඳ සබඳතා පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු නොකරන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.
COMMENTS