දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැලෑ එළි කිරීම, පස් කැපීම ජනපති අවසරය නැතිව බෑ
Homeප්‍රවෘත්ති

කැලෑ එළි කිරීම, පස් කැපීම ජනපති අවසරය නැතිව බෑ

PropellerAds

හදිසි අවශ්‍යතා සඳහා කැලෑ සහ වනාන්තර එළිපෙහෙළි කිරීමේදී ඊට තමන්ගේ අනුමැතිය අනිවාර්ය කිරීමේ චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බව ජනාධිපති මෛත...

CCDය නඩු ෆයිල් දෙකක් ගැන රන්ජන්ගෙන් ප්‍රශ්නකර ප්‍රකාශ අරගෙන
CCDය නඩු ෆයිල් දෙකක් ගැන රන්ජන්ගෙන් ප්‍රශ්නකර ප්‍රකාශ අරගෙන
“විශාල ක්‍රිකට් ක්‍රිඩාංගණය ප්‍රමුඛ අවශ්‍යතාවයක්ද?” - නාමල්, යෝෂිත ප්‍රශ්න කරයි
කැලෑ එළි කිරීම, පස් කැපීම ජනපති අවසරය නැතිව බෑ

හදිසි අවශ්‍යතා සඳහා කැලෑ සහ වනාන්තර එළිපෙහෙළි කිරීමේදී ඊට තමන්ගේ අනුමැතිය අනිවාර්ය කිරීමේ චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) කොළඹදී පොලිතීන්, ප්ලාස්ටික් සහ විද්‍යුත් අපද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මහා පරිමාණ ව්‍යාපෘති සඳහා පස් සහ කැලෑ කැපීමේදී ඒ සම්බන්ධයෙන් වන ආයතන අවසර ලබාදෙන නමුත් එම අවසරය මත සිදුවන විනාශය ගැන එම ආයතනවල නිලධාරීන් සොයා නොබලන බව තමන්ට වාර්තා වී ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ මධ්‍යම පරිසර අධිකාරිය යටතේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වැනි ආයතන ගණනාවක් ඇති නමුත් ඒවායේ නිලධාරීන් සිය රාජකාරි හරි හැටි ඉටුකරන්නේදැයි තමන්ට සැකයක් ඇති බවයි.

පසුගිය දිනක වරකාපොල පිහිටි දිය උල්පත් සහිත පස්කන්දක් කපා එහි පස් ගැනීමට කොන්ත්‍රාත් සමාගමකට අවසර දී ඇති බවත්, ඒ ගැන වැඩිදුරටත් සොයාබැලීමේදී එවැනි ප්‍රයෝජනවත් ස්ථානයක පස් කපා දැමීමට අවසරදීම තුළ නිලධාරීන් පරිසරය ගැන දක්වන උනන්දුව අවම බව පෙනෙන්නට තිබුණු බවත්, ජනාධිපතිවරයා පැවසුවේය.

බලපත්‍රය පරික්ෂා කිරීමේදී කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය සඳහා පස් පිරවීමට යයි සඳහන්ව ඇති බවත්, එම මාර්ගය තවම හැදීමටවත් පටන්නොගෙන මෙලෙස පස් කැපීමට ඉඩදී ඇති බවටත් ජනාධිපතිවරයා චෝදනා කළේය.

එසේම නුවරඑළිය හා මහනුවර ප්‍රදේශවල විශාල වශයෙන් කැලෑ කැපීම් ගැන වාර්තා වී ඇති බවත්, ඒ සඳහා අවසර දෙන නිලධාරීන් අදාළ පෞද්ගලික සමාගම් සිදුකරන දෑ ගැන පසුවිපරමක් නොකරන බවත්, මේ තුළ විශාල වශයෙන් පාරිසරික හානියක් සිදුවන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව අද සිට මහා පරිමාණ ව්‍යාපෘති සඳහා පස්, කැලෑ කැපීමේදී තමාගේද අවසරය ගත යුතු බවට වන චක්‍රලේඛයක් නිකුත් කරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැලෑ එළි කිරීම, පස් කැපීම ජනපති අවසරය නැතිව බෑ
කැලෑ එළි කිරීම, පස් කැපීම ජනපති අවසරය නැතිව බෑ
http://ift.tt/2emwPFx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_622.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_622.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy