අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි. මේ වසර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවට යොමු කිරීමේ වසරක් වනු ඇති බවටද අර්ජුන රණතුංග ...
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි. මේ වසර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවට යොමු කිරීමේ වසරක් වනු ඇති බවටද අර්ජුන රණතුංග මහතා අපේක්ෂා පළ කළේය.
ඒ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී කළ ප්‍රකාශයක් පිළිබදව ඊයේ (10) ගම්පහ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්විය.
“අර්ජුන රණතුංග මහත්ත්තයා නායකත්වය අරගෙන ලෝක සුරතාවය ගෙනාවා. අද වෙලා තියෙන්නේ මොකක්ද ? ලෝක ශුරතාවය ගත්ත ශ්‍රී ලංකාව ක්‍රිකට් කේෂත්‍රයේ දූෂිතම රටම බවට පත් වෙලා තියෙනවා. තරග පරාජය කිරිම්කණ්ඩායමේම සමාජිකයින් විසින්ම කිරිම බරපතල තත්වයක් වෙලා තියෙනවා."
එම ප්‍රකාශය පිළිබද අදහස් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ දූෂිතනයින් සමග සිටීමෙන් ජනාධිපතිවරයාද පිරිහීමට ලක් විය හැකි බවයි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් වගේ. එය විනාශ වෙන්න පටන් ගත්තේ 2015 වසරේ සිට. එයට ක්‍රීඩකයින්ට විතරක් දොස් කියලා හරි යන්නේ නැහැ. එයට ක්‍රිකට් පරිපාලනයට පැමිණි නුසුදුසු පුද්ගලයනුත් වගකියන්න ඕන. ඒ බව මම 2015 සිටම කිව්වා. නමුත් කිසිම කෙනෙක් ඒබව ගාණකට ගත්තේ නැහැ. 2015න් පසුව හිටපු ක්‍රීඩා ඇමැතිවරු දෙදෙනාම එනම් දයාසිරි සහ ෆයිසර් යන මහහත්වරුන් ශ්‍රී ලංකා නිදහස්පක්ෂේ ඇමැතිවරු. ඒ දෙන්නම අනවශ්‍ය පුද්ගලයින්ට ක්‍රිකට් පරිපාලනයට ඒම සදහා අවස්ථාව දුන්නා. ඒ නුසුදුසු පුද්ගලයෝ තමයි, ඒ දූෂිත පරිපාලනය තමයි ක්‍රිකට් ක්‍රීඩාව සූදුවට ගෙන ගියේ. එයින් ඇතිවුණු විනාශය ජනාධිපතිතුමාට තේරුණු එක ගැන මම සතුටු වනවා. නමුත් අදත් ඒ පුද්ගලයෝම තමයි ජනාධිපතිතුමාගේ වේදිකාවේ ඉන්නේ. ඒ පුද්ගලයින් දැන් වේදිකාවෙන් බිමට බස්සවන්න ජනාධිපතිතුමාට දැන් හරි කාලය ඇවිල්ලා තියෙනවා. මං ජනාධිපතිතුමාට උපදේශයක් දෙනවා නෙමෙයි. නමුත් එවැනි දූෂිත පුද්ගලයින් තමන්ට කිට්ටු තැන්වල තිබ්බම මිනිසුන් අතර ජනාධිපතිතුමාත් පිරිහෙන්නට පුළුවන්.”
ඊට ප්‍රතිචාර දක්වමින් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේ “ඇමතිතුමා, තිලංග සුමතිපාල මහතා තමයි හිටපු ක්‍රිකට් සභාපතිතුමා. එතුමා ඉදිරිපිට තමයි ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කරන්නේ.. ඉතිං ජනාධිපතිතුමාට පුළුවන්නේ ප්‍රකාශ කරන්නේ නැතිව සුදුසු පියවරක් ගන්න.....” යනුවෙනි.
ඊට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දැක්වූයේ මෙවැනි ප්‍රතිචාරයකි.
“මං දන්න ජනාධිපතිතුමා හරි වෙලාවට තිරණ ගන්න කෙනෙක්. සමහර විට කාලය පැනලා ඇති. නමුත් ජනාධිපතිතුමා ඉක්මනින්ම තීරණයක් ගනීවි. ඒ වගේම දැන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රීඩා අමැතිවරයෙක්. හරින් ප්‍රනාන්දු මහතා. එතුමාත් හරි තීරණ ගන්න කෙනෙක්. අනිවාර්යෙන්ම ඉදිරි ක්‍රිකට් නිලවරණයෙන් පසුව අපිට ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි කරන්න පුළුවන් වේවි."
COMMENTS