රාජ්‍ය දේපළ විකුණන්නේ ලැජ්ජා නැති නායකයන් බවත් මෙරට ප්‍රධාන දේශපාලන ව්‍යාපාර තුනම දේශපාලනමය වශයෙන් බංකොලොත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ...
රාජ්‍ය දේපළ විකුණන්නේ ලැජ්ජා නැති නායකයන් බවත් මෙරට ප්‍රධාන දේශපාලන ව්‍යාපාර තුනම දේශපාලනමය වශයෙන් බංකොලොත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ ඊයේ (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපිට දේශපාලන පණිවිඩ ගණනාවක් තිබුණා. අනෙක් අයට තියෙන පණිවිඩය කුමක්ද? රාජපක්ෂගේ කණ්ඩායමට කවරක් කියයිද? පසුගිය ජනාධිපතිවරණයේදී අපිට මතකයි කිව්වා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයට පත් වුවහොත් එතුමා ගිහිල්ලා විදුලි පුටුවේ වාඩි කරවනවා කිව්වා. හැබැයි පරාජයට පත් වෙලා අවුරුදු 3ක් වෙනවා. මොකද විදුලි පුටුවේ කරන්ට් කපලද? මොකක්ද මේ වෙලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයට කියන්න ඉතිරි වී තියෙන්නේ එකම එක දෙයයි. ඔහු කියයි රට ගොඩනැගුවා වගේ ගම ගොඩ නගන්න බලය දෙන්න.”
“රට ගොඩනගනවා කියලා රටේ තියෙන සම්පත් ටික විකුණුවා නම් හම්බන්තොට වරාය විකුණලා මන් දැක්කා චෙක් පත අතේ තියාගෙන ඉන්න විදිය දැක්කම කෝලි අර ද්විත්ව ශතකය ගහලා කප් එක ගත්තා වගෙයි. ලැජ්ජා නැති නායකයෝ. රටේ දේපොළ විකුණලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියයි පක්ෂේ කැඩෙන එක වලක්වන්න. අපිට මොකෝ? කැඩුනත් එකයි. එකට තිබුනත් එකයි. ඒ නිසා දේශපාන ව්‍යාපාර තුනම දේශපාලනික වශයෙන් නන්නත්තාරයකට පත් වුණ වෙලාවක තමයි මේ මැතිවරණය ඇවිල්ලා තියෙන්නේ. අවසාන මොහොත වෙනකල් ඉන්නවා නාම යෝජනා පත්‍රය භාර දෙන්න. ඒ මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් නාම යෝජනා ලැබෙන්නේ නැත්තම් මහින්ද රාජපක්ෂ මහත්තයා ලඟට එනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් මහත්තයාගෙන් නාම යෝජනා ලැබෙන්නේ නැත්තම් එක්සත් ජාතික පක්ෂය ගාවට යනවා.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS