ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ලොකු පුටු කීපයක් ලබන ජනවාරි මස 07 වැනිදා පැවැත්වෙන එහි විශේෂ මහා රුස්වීමේදී සෙළවීමට ඉඩ ඇතැයි ක්‍රිකට් ආයතන...
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ලොකු පුටු කීපයක් ලබන ජනවාරි මස 07 වැනිදා පැවැත්වෙන එහි විශේෂ මහා රුස්වීමේදී සෙළවීමට ඉඩ ඇතැයි ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ විශේෂ මහ සභා රැස්වීමේදී තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන පරිපාලනය ඉදිරි වසර දෙකක් සඳහා යෝජනා ස්ථිරත්වයෙන් කාලය දීර්ඝ කරගැනීමට සූදානමක් ඇතැයි ද මේ අතර වාර්තා වේ.
ඒ හේතුවෙන් මෙම විශේෂ සහ සභාව වඩාත් අවධානයට යොමු වී තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ වර්තමාන පරිපාලනයට ලබන වසරේ මැයි මස දක්වා පාලනයේ සිටිය හැකි බවත් ඉන්පසුව නිලවරණයකට යාහැකි බවයි.
කෙසේවුවද, අදාළ නිළධාරියා මේ විශේෂ මහ සභා රුස්වීමේදී පරිපාලනයේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක් නොමැති බවද කියා සිටියේය.
මෙහිදී දැනට පුරප්පාඩු වී ඇති තනතුරු කීපයක් පිරවීම සහ තනතුරු කීපයක් වෙනස් කිරීමත්, විශේෂ පරිපාලන තීන්දු කිහිපයක් ගැනීමක් සිදුවිය හැකි බවද ඔහු කියා සිටී.
ලබන ජනවාරි මස 7 වැනිදා පැවැත්වීමට නියමිත විවාදාත්මක විශේෂ මහා සභාව පිළිබඳව මේ වනවිට සාමාජික ක්‍රීඩා සමාජවලට නිල වශයෙන් දැනුම්දී ඇති බව වාර්තා වේ.
COMMENTS