2017 වර්ෂයේ රටේ ආර්ථිකයේ රුපියල් බිලියන 22 ක අතිරික්තයක් පැමිණි බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් බවත්, එය මේ දිනවල රටේ ප්‍රසිද්ධ ප්‍රවෘත්තියක...
2017 වර්ෂයේ රටේ ආර්ථිකයේ රුපියල් බිලියන 22 ක අතිරික්තයක් පැමිණි බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් බවත්, එය මේ දිනවල රටේ ප්‍රසිද්ධ ප්‍රවෘත්තියක් හෝ රට ලබාගත් ආර්ථික ප්‍රගතියක් බවට විධිමත්ව වර්තා නොවී ඇති බවත් මෙවර පළාත් පාලන මැතිවරණයට මහරගම නගර සභාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින ධනුෂ්ක රාමනායක මහතා පවසයි.
2017 වසරේ ලංකාවේ සමස්ථ ආදායම වූයේ රුපියල් බිලියන 1,473 ක් බවත්, ලංකාවේ ප්‍රාග්ධන ගෙවුම් ශේෂයේ සිට සමස්ත වියදම වී ඇත්තේ රුපියල් බිලියන 1,451 ක් බවත් පෙන්වා දෙන රාමනායක මහතා, ඒ අනුව 2017 වර්ෂයේ රටට රුපියල් බිලියන 22 ක අතිරික්තයක් හිමිව තිබෙන බවද පෙන්වා දෙයි. රාමනායක මහතා මේ බව සඳහන් කර සිටියේ, සිය මැතිවරණ ව්‍යාපාරයේ 09 වන ජනහමුව ඊයේ(28) වත්තේගෙදර පාරේ පිහිටි නන්දසේන මහතාගේ නිවසේ පවත්වමිනි.
එහිදී අදහස් දැක්වූ රාමනායක මහතා,
"2012 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා රාජ්‍ය මූල්‍ය පාඩුයි. එය 2012 වසරේ රුපියල් බිලියන 81 කි. 2013 වර්ෂයේ රුපියල් බිලියන 72 කි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි අවුරුදු දෙක ඉන්නේ නොමැතිව ජනාධිපතිවරණය තියන්න ඉක්මන් වූයේද 2014 රාජ්‍ය මූල්‍ය රුපියල් බිලියන 155 ක් පාඩු ලැබූ හෙයිනි.
2015 වර්ෂයේත් රාජ්‍ය මූල්‍ය පාඩුවන අතර එය රුපියල් බිලියන 302 කි. 2016 වර්ෂයේදී රුපියල් බිලියන 29 වන තෙක් අඩුව තිබේ. වත්මන් රජය වසර දෙකක් තුළ මේ මූල්‍ය පාඩුව ධනාත්මක ප්‍රවේශයකට ගෙනඒමට සමත්ව තිබේ.ඉදිරියේදී මේ අගය තවත් වැඩිවන අතර එය අඩු වුවහොත්, ඇයි මෙහෙම වැඩිවුණ එකක් අඩු වුණේ? මොකද්ද හේතුව? පිළිබඳව ප්‍රශ්න කිරීමට අප සූදානම්. ඒ වගේම එය ධනාත්මක කරගැනීම සඳහා කළ යුතු කැපවීම උපරිමයෙන් කිරීමටත් අප බැඳී සිටිනවා.
දැනුම් ආර්ථිකයක් රටේ නිර්මාණය කරන්න අවශ්‍ය ප්‍රධාන සංගුණකයන්ගෙන් වත්තේගෙදර කොට්ඨාසය අද පිරිපුන් වෙලා තිබෙනවා. එහි උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගැනීමේ අවස්ථාව අද වත්තේගෙදර ජනතාවට උදාවෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ වගකීම අකුරටම ඉටුකිරීමට සූදනම්. වංචාවට දූෂණයට මැරකමට හොරකමට සහ හිංසාවට අපි කිසිදු අවස්ථාවක ඉඩක් දෙන්නේ නෑ.
මේ රටේ ප්‍රතිපත්තිය විය යුත්තේ රටේ ජනතාව පෝෂණය කරන, සංවර්ධනය කරන, වැඩි දියුණු කරන, ප්‍රතිපත්තියක් ගෙන ඒමයි. ඒ සඳහා උගත් බුද්ධිමත් තීන්දු තීරණ ගන්න පුළුවන් පාලකයෝ රාශියක් අවශ්‍යයි. එය ආරම්භ කිරීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙසයි මම මේ පළාත් පාලන මැතිවරණය දකින්නේ. ඒ නිසා එම අවස්ථාව පැහැර හරින්න එපා. එහෙම කළොත් තවත් අවුරුදු පහ හයකින් අපිට දකින්න ලැබෙන්නේ, ගහ මරාගැනීම්, වෙඩිතබාගැනීම්, කපාකොට ගැනීම් සහිත අසභ්‍ය ජරාජීර්ණ වූ පාර්ලිමේන්තුවක්.
අද රටේ ප්‍රධාන මාතෘකාවක් බවට මහ බැංකු බැඳුම්කර පිළිබඳ ප්‍රශ්නය මතුවෙලා තිබෙනවා. මේ බැඳුම්කරය ගැන දේශපාලන වේදිකාවල පමණක් කතා නොකර ඊට දේශපාලන භේදයකින් තොරව දඬුවම් ලබාදිය යුතුයි. බැඳුම්කර ගණුදෙනුවේදී වරදක් සිදුවී තිබෙන බව අද ඔප්පු වෙලා තිබෙනවා. නුදුරේදීම වැරදිකරුවන්ට දඬුවම් හිමිවෙයි. ඒ වැරදිකරුවන්ට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියල අපි අත්දෙකම ඔසවලා කියනවා."
මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා, ප්‍රාදේශීය දේශපාලඥයන් ඇතුළු 150 කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

COMMENTS