දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මේ අවුරුද්ද රාජපක්ෂලා වැලිකඩ යවන අවුරුද්දයි" - රාජිත.
Homeගොසිප්

"මේ අවුරුද්ද රාජපක්ෂලා වැලිකඩ යවන අවුරුද්දයි" - රාජිත.

PropellerAds

මේ අවුරුද්ද රාජපක්ෂලා වැලිකඩ යවන අවුරුද්ද බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඊයේ ...

රනිල් ඉවත් කිරීම : ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවයි.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට : පමාවේ වගකීම එජාපයට.
'බන්දුලගේ ගෝලයා එපා' - පොහොට්ටුවේ බල පොරය හෝමාගමින් ඇරඹේ.

මේ අවුරුද්ද රාජපක්ෂලා වැලිකඩ යවන අවුරුද්ද බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඊයේ (28) පස්වරුවේ පැවති ජන රැළියකට එක්වෙමිනි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“මෙම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය වටා ජනතාව ඒකරාශී වෙමින් සිටිනවා. එමගින් රජය තවත් ශක්තිමත් වෙනවා. 2015 මැතිවරණයට අපි ඉදිරිපත් වූයේ ජිවිත අවධානමක් ඇතිවයි. පසුගිය රජය සමයේ සිදු කළ නින්දිත දේශපාලනය නිසා රාජපක්ෂලාගෙන් ඉවත් වුනා. අපි හොර රහසේ සාකච්ඡා කර රට බේරා ගැනීමට කටයුතු කළා. නමුත් පැරදුනු රාජපක්ෂලා යළි කරළියට පැමිණ සිටිනවා. එම පැරදුන රාජපක්ෂලාට ඉදිරියට එන්න අපි ඉඩ දෙන්නේ නැහැ. වත්මන් රජය වසර 03 ක් පුරා මොනවද කළේ කියලා සමහරු අහනවා. අපේ රජයේ ඉන්නේ පසේ බුදුවරු. කරපු වැඩ කියන්න දන්නේ නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උජාරුවට වැඩ කරනවා. ජනාධිපතිවරයාගේ හෝ අග්‍රාමාත්‍යවරයාගේ නියෝග වලට වැඩ කරන්නේ නැහැ. පුර්ණ නිදහස ලබාදී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා අහනවා පොල් සම්බෝලයක් ගැන. පොල් බෑය ගැන. නියගය නිසා පොල් නිෂ්පාදනය අඩු වෙලා. පොල් සම්බෝල නැත්නම් සැමන් ටින් එකක් අරගෙන බත් ටිකක් කන්න කියලා මම එතුමාට කියනවා. බුදුන්වහන්සේ දේශනා කළේ “ආරෝග්‍යා පරමා ලාභා” කියලයි. පොල් සම්බෝල කන එක “ආරෝග්‍යා පරමා ලාභා” නොවෙයි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළත් එය පුවත්පත්වලට ප්‍රධාන ප්‍රවෘත්තියක් වූයේ නැහැ. නමුත් ඩොලරයේ මිල ඉහළ යාම හේතුවෙන් ඖෂධ මිල සියයට 05 කින් ඉහළ යාම මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවක් වුනා. අද මාධ්‍ය හැසිරෙන්නේ එහෙමයි.”

“වත්මන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා හම්බන්තොට වරායේ ලාභය සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ලබා දෙනවා කියලා. නමුත් පසුගිය රජය සමයේ එම මුදල් වියදම් කළේ දුප්පත් ජනතාවට නොවෙයි. ජනාධිපති පුත්තුන්ටයි. වැලිකොට්ට ගහලා රේස් පදින්නයි. නමුත් කියන්නේ මානුෂීය රජයක් තිබුනා කියලයි. එදා හිටපු අප්පච්චි වැඩ කළේ එහෙමයි. නමුත් වත්මන් රජයේ අප්පච්චිලා දෙන්නා ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. ජන සටන කිසි දවසක පවා දෙන්නේ නැහැ. ලැබූ ජනවරම රාජපක්ෂලාට යළි ලබා දෙන්නෙත් නැහැ. මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය හිමි කර ගන්නවා. පසුගිය රජයේ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන පරීක්ෂණ ප්‍රමාදවිම පිළිබදව අපට චෝදනාවක් තිබෙනවා. නමුත් එම පරික්ෂණවල තීන්දු ලබාදෙන වසර තමයි 2018. ඉන් පසු රාජපක්ෂලාගේ ලිපිනය වැලිකඩයි. යුද්ධය මුවාවෙන් රණවිරු රාජපක්ෂ හොරකම් කළා. ඉදිරියේ දී එම රණවිරු රාජපක්ෂත් අධිකරණය හමුවට ගෙන එනවා. එම රාජපක්ෂ දැන් හොයාගන්නත් නැහැ. තාජුඩීන් ඝාතනයට ජාතියේ අම්මා දුරකථන ඇමතුම් 48 ක් ලබාදී තිබෙනවා. අම්මා කෙනෙක් දරුවෙක් මරන්න උදවු කරනවා ද, නැහැ. මෙම රජය පෙරලා දමන්න ඔවුන් උත්සාහ කරන්නේ වැරදි ටික වහගන්නයි. ඒ සදහා හම්බ කරපු මුදල් වැය කරනවා. නමුත් වත්මන් රජය මෙම මැතිවරණයත් ජයග්‍රහණය කර ඉදිරියටම ගමන් කරනවා. වසර 2020 මැතිවරණයත් ජයගෙන වසර 2025 දක්වා බලයේ ඉදිමින් රාජපක්ෂලාට බලය ලබා ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මේ අවුරුද්ද රාජපක්ෂලා වැලිකඩ යවන අවුරුද්දයි" - රාජිත.
"මේ අවුරුද්ද රාජපක්ෂලා වැලිකඩ යවන අවුරුද්දයි" - රාජිත.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQRyP6xzKJxDEHF92NZMujrPBFqssGchts-GCym2jRgisT0rMdPF4FscUQQ7lIHVjLIWB5W94KqOHu1qoSP65fY7MrLfU6spJnTUIvh1sOJqHXaZiyCyfz7RGto4pYXyembFJ1KTYPN-_3/s1600/rajitha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQRyP6xzKJxDEHF92NZMujrPBFqssGchts-GCym2jRgisT0rMdPF4FscUQQ7lIHVjLIWB5W94KqOHu1qoSP65fY7MrLfU6spJnTUIvh1sOJqHXaZiyCyfz7RGto4pYXyembFJ1KTYPN-_3/s72-c/rajitha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_547.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_547.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy