දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුංචි ඡන්දයට ශබ්ධ විකාශන යන්ත්‍ර හරස් වෙයි
Homeප්‍රවෘත්ති

පුංචි ඡන්දයට ශබ්ධ විකාශන යන්ත්‍ර හරස් වෙයි

PropellerAds

පළාත් පාලන මැතිවරණයට අදාළව වාහනවල ශබ්ද විකාශන යන්ත්‍ර බැඳගෙන ප්‍රචාරක කටයුතු සහ රථ පෙළපාලි යෑම සම්පූර්ණයෙන් තහනම් බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකා...

ජනාධිපතිට ආරක්‍ෂක ඇමතිමක දරන්න බෑ…
ගෝටාභය ජනාධිපති කරවන්න ඡන්දය දීම ගැන අද ජනතාව කණගාටු වෙනවා..
මල්ලි නිදහස් කරන්න අයි.පී. අක්කට යහනට එන්න කියයි... දුරකතනයට නිරුවත් පොටෝ එවලා...
පුංචි ඡන්දයට ශබ්ධ විකාශන යන්ත්‍ර හරස් වෙයි

පළාත් පාලන මැතිවරණයට අදාළව වාහනවල ශබ්ද විකාශන යන්ත්‍ර බැඳගෙන ප්‍රචාරක කටයුතු සහ රථ පෙළපාලි යෑම සම්පූර්ණයෙන් තහනම් බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (11) පැවසීය.

එවැනි වාහන අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස්‌ ස්‌ථාන දැනුවත් කර ඇතැයි පොලිස්‌ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම සඳහා අදියරයන් දෙකක්‌ ක්‍රියාත්මක වන බවත් දෙසැම්බර් 11 සිට දෙසැම්බර් 14 දහවල් 12.00 දක්‌වා පළාත් පාලන ආයතන 93 ක නාම යෝජනා භාර ගැනීමට නියමිත බව පැවසීය.

දෙවන අදියර ලෙස දෙසැම්බර් 18 සිට දෙසැම්බර් 21 දහවල් 12.00 දක්‌වා පළාත් පාලන ආයතන 248 ක්‌ වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීමට නියමිත අතර මෙහිදී පළමු නාම යෝජනා භාර ගැනීමේ කාලසීමාව තුළ පොලිස්‌ නිලධාරීන් 10,000 ක්‌ රාජකාරි සඳහා යොදවන බවත් දෙවැනි නාම යෝජනා භාර ගැනීමට කොපමණ නිලධාරීන් යොදවනවාද යන්න ඉදිරියේදී තීරණය කරන බවත් ඒ මහතා පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වැනිදා ආරම්භ වී දෙසැම්බර් 21 දක්‌වා පැවැත්වෙන බවත් අදියරයන් දෙකේම නාම යෝජනා අවසන් වන දිනයන් දෙකේදීම විෂයන් දෙකක්‌ පවත්වන දින වන අතර ඒ නිසා විභාගයට බාධා නොවන ලෙස කටයුතු කරන ලෙස ඒ මහතා අපේක්‌ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

මැතිවරණයට අදාළව ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර ලබාදීමේදී සඳුදා සිට බ්‍රහස්‌පතින්දා දක්‌වා පෙරවරු 6.00 සිට රාත්‍රි 10.00 දක්‌වාත්, සිකුරාදා සහ සෙනසුරාදා පෙරවරු 6.00 සිට අලුයම 1.00 දක්‌වාත්, ඉරිදා දිනයන්හි පෙරවරු 6.00 සිට රාත්‍රි 12.00 දක්‌වාත් බලපත්‍ර ලබා දෙන බවත් ඒ මහතා පැවසිය.

මෙහිදී ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමේදී විභාගය පැවැත්වෙන වෙලාවක නම් ශබ්ද විකාශන යන්ත්‍ර ලබාදීමක්‌ සිදු නොකරන බවත් ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබා දීමට පෙර අදාළ පොලිස්‌ ස්‌ථානයෙන් එම ස්‌ථාන පරීක්‌ෂා කළ යුතු බවත් ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර දීමේදී ශබ්ද විකාශන යන්ත්‍ර මැතිවරණ භූමියෙන් පිටතට ශබ්දය නොයන ලෙස මැතිවරණ භූමිය දෙසට හරවා තැබිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අනුව අපේක්‌ෂකයන් මැතිවරණ නීතියට අනුව කටයුතු කළ යුතු බවත් ඔවුන් එම නීතිය උල්ලංඝනය කරන්නේ නම් නවීන තාක්‌ෂණය යොදා ගෙන වීඩියෝ කර සෘජුවම නඩු පැවරීම සිදු කරන බවත් යම් අවස්‌ථාවක නීතිපති උපදෙස්‌ අවශ්‍ය නම් අදාළ ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර කඩිනමින් උපදෙස්‌ ගෙන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් ඒ මහතා පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුංචි ඡන්දයට ශබ්ධ විකාශන යන්ත්‍ර හරස් වෙයි
පුංචි ඡන්දයට ශබ්ධ විකාශන යන්ත්‍ර හරස් වෙයි
http://ift.tt/2BF7JyU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_416.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_416.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy