දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මල්ලි නිදහස් කරන්න අයි.පී. අක්කට යහනට එන්න කියයි... දුරකතනයට නිරුවත් පොටෝ එවලා...
Homeප්‍රවෘත්ති

මල්ලි නිදහස් කරන්න අයි.පී. අක්කට යහනට එන්න කියයි... දුරකතනයට නිරුවත් පොටෝ එවලා...

PropellerAds

ඒ කොරෝනා හේතුවෙන් ලංකාව පුරා ඇඳිරිනීතිය දැමූ කාලයයි. සැවොම නිවෙස්වලට කොටු වී සිටියා සේ පානදුර ඇවරිවත්තේ පදිංචි ඩී. ගීතානිද නිවසට වී නිවාඩු ...

රනිල් ජනපති, සජිත් අගමැති… තානාපති මෙහෙයුම සාර්ථකයි..
UPDATE : කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලක් මරා දැමුවේ නිවසේ සිටි 19 හැවිරිදි කොලු ගැටයෙක්!
ඉන්දීය හමුදාව හූති ප‍්‍රහාරයට ලක් නෞකා කාර්ය මණ්ඩලය බේරා ගනිති... ශ‍්‍රී ලාංකිකයන් දෙකක් ඒ අතර!
ඒ කොරෝනා හේතුවෙන් ලංකාව පුරා ඇඳිරිනීතිය දැමූ කාලයයි. සැවොම නිවෙස්වලට කොටු වී සිටියා සේ පානදුර ඇවරිවත්තේ පදිංචි ඩී. ගීතානිද නිවසට වී නිවාඩු පාඩුවේ සිටියාය. විදේශගතව සිටි ඇය සහෝදරියගේ දියණියගේ විවාහයට සහභාගි වීම සඳහා මෙරටට පැමිණ තිබුණි. කොවිඩ් නිසා යළි විදේශගතවීමට නොහැකිව සිටි ගීතානිට පොලිස් පරීක්ෂකවරයකු බැල්ම හෙළන්නේ ඇඳිරිනීති බලපත්‍රයක් ගැනීමට ගත් උත්සාහයකදී ගීතානිගේ ජංගම දුරකතන අංකය පොලිස් පරීක්ෂක චතුරංග අතට පත්වීමෙන් අනතුරුවය.

’’මම අම්මත් එක්ක පානදුරේ ඇවරිවත්තේ ගෙදර ඉන්නේ. මල්ලී එතැනට ගෙවල් හතරක් එහායින් ගෙයක් කුලියට අරන් ඉන්නේ. කොවිඩ් නිසා ඇඳිරිනීතිය දාපු වේලාවේ මල්ලිගේ නෝනාගේ ගමට යන්න ඇඳිරිනීති බලපත්‍රයක් ගන්න අවශ්‍ය වුණා. ගාල්ල, රත්ගමට මල්ලිටයි නෑනටයි යන්න ඇඳිරිනීති පාස් එක ඕනෑ වුණේ. නෑනාගේ අම්මට අසනීප නිසා තමයි රත්ගම යන්න ලෑස්ති වුණේ.’’ ගීතානි තම අත්දැකීම විස්තර කොට මුල පිරුවේ එසේය.

නෑනාගේ මව බැලීමට යෑමට ඇඳිරිනීති බලපත්‍රය ගන්නට ගීතානිගේ සොහොයුරා උදව් ඉල්ලන්නේ පොලිස් පරීක්ෂක චතුරංගගෙනි. ගීතානිගේ සොහොයුරා පොලිස් පරීක්ෂක චතුරංගගේ ජංගම දුරකතන අංකය සොයාගෙන විත් ඇමතුමක් දී උදව් ඉල්ලා සිටියේ ගීතානිගේ ජංගම දුරකථනයෙනි.

ඉන් දින කිහිපයකට පසු ගීතානිගේ දුරකථනයට එස්.එම්.එස්. පණිවුඩයක් ලැබී තිබිණි. සුබ උදෑසනක් යන අරුතෙන් GM යනුවෙන් එහි සඳහන්ව තිබිණි. පොලිස් පරීක්ෂකගේ එම පණිවුඩයට ඇය පිළිතුරු දුන්නේ නැත.

මෙය සිදුවී ඇත්තේ ජුනි මාසයේ දිනකය. ගීතානිගේ සොහොයුරාගේ දුරකථන ඇමතුමෙන් පසු පොලිස් පරීක්ෂකවරයා විසින් මෙම අංකය සිය ජංගම දුරකථනයට ඇතුළත් කරගත්තා විය හැකිය. එම දුරකථන අංකයට අදාළව වට්ස්ඇප් හා ඉමෝවල ගීතානිගේ ඡායාරූපයද වූ නිසා පොලිස් පරීක්ෂකවරයා විසින් ගීතානිගේ දුරකථනයට පණිවුඩයක් එව්වා විය හැකිය.

ඉන් අනතුරුව ගීතානිගේ ජංගම දුරකථනයට එම පොලිස් නිලධාරියාගේ පණිවුඩ ලැබී තිබුණේ මීට සතියකට පෙරය.

‘‘මගේ පොඩි මල්ලි කුඩු බොන්න හුරුවෙලා හිටියා. එයා පහුගිය 24 වැනිදා රෑ කුඩු ග්‍රෑම් හතරක් එක්ක පොලිසියෙන් අල්ලන් ගිහින් තිබුණා. චතුරංග මහත්තයා තමයි අල්ලන් ගිහිල්ලා තිබුණේ.

මල්ලි බලන්න අපි පොලිසියට ගිහිල්ලා ඉද්දි චතුරංග මහත්තයා කතා කරලා අපිට එයාගේ ගෙදරට එන්න මල්ලි බලන්න දෙන්නම් කිව්වා. අපි පවුලේ අය මල්ලිව බලන්න චතුරංග මහත්තයාගේ ගෙදර ගියා. එයාගේ කාර් එකේ මල්ලි හිටියා. පොලිසියේ අය ත්‍රීවීල් එකේ හිටියා. මල්ලිට කන්න දීලා කතා කරන්න කියලා එයා ගේ ඇතුළට යන්න ගියා. අපි මල්ලිත් එක්ක කතා කර කර ඉද්දි චතුරංග මහත්තයා මට තනියෙන් ගෙට එන්න කිව්වා. මම ගියේ නැහැ.

කොවිඩ් සහන මලු බෙදද්දී චතුරංග මහත්තයා අපේ ගෙවල්වලටත් බෙදන්න ආවා. චතුරංග මහත්තයාත් පිට ගමකින් ඇවරිවත්තේ පදිංචියට ආපු පොලිස් නිලධාරියෙක්. එදා මල්ලි අරන් ගිය දවසේ පාන්දර 1.30ට විතර මගේ ෆෝන් එකට GM කියලා පණිවුඩයක් ආවා. චතුරංග මහත්තයා සුබ උදෑසනක් කියලා එවලා තිබුණ නිසා මමත් Sir GM කියලා යැව්වා. ඊට පස්සේ ඔයා පොඩිගේ අක්කද කියලා මැසේජ් එකක් ආවා. මම ඔව් කියලා මැසේජ් කරද්දී මට ෂුවර් නැහැ අනිත් මල්ලි මැසේජ් කරනවද කියලා මට එවලා තිබුණා.’’ යැයි ගීතානි කීවාය.

ඉන් පසු ගීතානිගේ ජංගම දුරකතනයට වීඩියෝ ඇමතුමක් ගන්නා බව පොලිස් පරීක්ෂකවරයා පණිවුඩයක් එවා තිබිණි.

ඊට සුළු මොහොතකට පසු උඩුකය නිරුවත්ව සිටි පොලිස් පරීක්ෂකවරයා වීඩියෝ ඇමතුමක් ගත්තේය. ඔහු විසින් තම සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති නිසා බියට පත් ඇය එම ඇමතුමට පිළිතුරු දුන්නාය.

මහ පාන්දර වීඩියෝ ඇමතුමෙන් තමාව පෙන්වන්නැයි ගීතානිගෙන් කළ ඉල්ලීමද ඇයට අත්හැර දමන්නට නොහැකි වූයේ නිල ඇඳුමට තිබූ බිය නිසාය. සොහොයුරා අල්ලන් ගිය අකාරයට තමාවත් කුමකට හෝ පටලවන්නට කාකි ඇඳුමට බලයක් ඇතැයි ඇයට බියක් දැනුණාය. ඇය සිටින කාමරය හා ඇඳ සිටි ඇඳුම පවා පොලිස් නිලධාරියාට පෙන්වන්නට අසරණ ගීතානිට සිදු විය.

‘‘මට ඔයාව හම්බවෙන්න ඕනෑ. මම විනාඩි පහකින් ගේ ළඟට එනවා. ගේ ළඟින් හෝන් එකක් ගහගෙන ගිය ගමන් එළියට එන්න. කියලා ඔහු ඇමතුම විසන්ධි කළා. මම අම්මා ඇහැරවලා මේ ගැන කිව්වා. ගේ ළඟට ඇවිත් හෝන් එක ගහගෙන ගිහින් ඔහු ආයේත් කෝල් එකක් දුන්නා. ඔයාලගේ ගේ ළඟ කතා කරන්න බැහැ. අපේ ගෙවල් පැත්තට එන්න කිව්වා.’’ ගීතානි අපහසුවෙන් අතීතය සිහිපත් කළාය.

ඒ වන විට වේලාව අලුයම 2.00 පමණ විය. පොලිස් නිලධාරියාගේ අණට බිය වී තම ආත්මය පාවා දෙන්නට ඇයට නොහැකි විය. අසරණ වූ ඇය ඉන්පසු කළේ ජංගම දුරකථනය විසන්ධි කිරීමය.

තම දඩයම අත් නොහල පොලිස් පරීක්ෂකවරයා පසුදින උදෑසන යළිත් ඇයට කතා කර ‘‘ඔයා මට ලණු දෙන්න එපා. මම දැන් කොළඹ යනවා, පුළුවන් නම් එන්න’’ යැයි පවසා තිබුණි.

‘‘අනේ සර්, ගෙදර කවුරුවත් නැහැ. මම මල්ලිගෙ දුව බලාගෙන ඉන්නෙ. අම්මලා මල්ලි බලන්න ගියා. මට එළියට එන්න විදිහක් නැහැ. දවල් 12 ට විතර කෝල් එකක් දෙන්නම් කියලා මම මග හැරියා’’ යැයි ගීතානි කීවාය.

ඇයට උදෑසන 10 ට පමණ පොලිස් පරීක්ෂක චතුරංගගෙන් යළි ඇමතුමක් ලැබුණි. එය වීඩියෝ දුරකථන ඇමතුමකි. නාන කාමරයේ සිට නිරුවත්ව දුරකථන ඇමතුම ගත් පොලිස් නිලධාරියා තම නිල ඇඳුමේ බලයෙන් අසහනය පිට කරන්නට උත්සාහ කර තිබිණි. දෙදරු පියකු වූ මෙකී පොලිස් නිලධාරියා තම දෙපාර්තමේන්තුවේ නිල ඇඳුමේ සහ සිය පවුලේ ගෞරවයත් නොතකා කාමාතුරයකු මෙන් හැසිරුණේය.

නිරුවතින් පෙනී සිටිමින් තමාගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් පරීක්ෂකගේ සියලු ඡායාරූප දුරකථනයේ සටහන් කරගන්නට ගීතානි අමතක නොකළාය.

‘‘බයවෙන්න එපා, මම ඔයාගෙ මල්ලිට සහනයක් දෙන්නම්. පැකට් හතරේ කුඩු ග්‍රෑම් හතක් කියලා දැම්මට පාන් පිටි කලවම් කරලා දාලා තියෙන්නෙ. රස පරීක්ෂකට ගිහිල්ලා එද්දි මේක ග්‍රෑම් එකටත් අඩුවෙනවා. රුපියල් දහදාහක් විතර දඩයක් ගහයි. මම මල්ලිව බේරලා දෙන්නම්. ඔයා මාත් එක්ක එළියට යන්න එන්න කියලා ඔහු මගෙන් ඉල්ලුවා’’ කාමාතුරයාගේ පැටිකිරිය ගීතානි එලෙස හෙළි කළාය.

‘‘බැරිම තැන මම පවුලේ අයට මේ සිද්ධිය එදාම කියලා ඒ නිලධාරියාගේ නිරුවත් ෆොටෝත් පෙන්නුවා. එයාලා මාත් එක්කම අයි.පී. චතුරංගගේ ගෙදර ගිහිල්ලා එයාගේ නෝනට ඔයාගෙ මහත්තයා කරන දේ බලන්න කියලා කිව්වා. ඔයාලා ඕනි දෙයක් කරගන්න කියලා එයා අපෙන් සමාව ඉල්ලුවා’’ යැයි ඇය ඉන් අනතුරුව සිදුවූ දෑද අකුරක් නෑර විස්තර කළාය.

ත්‍රිරෝද රථයේ නැගුණු ගීතානි ඇතුළු පවුලේ අය පානදුරට යද්දි පිටකොටුව හන්දියේදී මග හරස් කර නවතා ගත්තේ පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිසියේ පිරිසකි.

‘‘අපි මේක ගොඩින් බේරගමු. දුරදිග ගෙනියන්න එපා. මගේ වයිෆ් කතා කරලා දික්කසාද වෙන්න යනවා. පවුල බේරලා දෙන්න’’ යැයි පොලිස් පරීක්ෂකවරයා එහිදී කීවේය.

එහි සිටි අනෙක් පොලිස් නිලධාරීන්ට පොලිස් පරීක්ෂකවරයාගේ නිරුවත් ඡායාරූප පෙන්වා එතැනින් ගැලවී යන්නට ගීතානිගේ පවුලේ අය සමත්ව තිබිණි. ඊට පසුදින (31 වැනිදා) උදෑසනම මෙම පිරිස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හමුවන්නට එන්නේ පොලිසියෙන් තමන්ට සිදුවූ බලපෑම ගැන පැමිණිලි කරන්නටය. ගීතානි තමාට අත්වූ ඉරණම ඡායාරූප හා එස්.එම්.එස්. සහිතව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැහැදිලි කර දුන්නාය.

නිල ඇඳුමේ ගෞරවය කෙලෙසූ බවට චෝදනා ලත් පොලිස් පරීක්ෂකවරයා සමග සහකාර පොලිස් අධිකාරිවරයා පෙරේදා (31 වැනිදා) පස්වරුවේ කොළඹ කාර්යාලයට කැඳවන්නේ ඉන් පසුවය. ගීතානි හා පවුලේ අය ඉදිරියේදීම පැමිණිල්ල විභාග කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරුවත් ඡායාරූප පෙන්වා ඒ පිළිබඳ විමසද්දී ඒ තමා බව පිළිගන්නට පොලිස් නිලධාරියාට සිදුවිය.

පොලිස් නිලධාරියාගේ නොමනා හැසිරීම ගැන බැණ වැදුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම මේ ගැන පානදුර සහකාර පොලිස් අධිකාරී හමුවේ පැමිණිල්ලක් කිරීමට ගීතානිව පිටත් කළේය.

‘‘අපි එළියට එද්දී චතුරංග මහත්තයා මාව බේරාගන්න කියලා වැඳ වැටුණා. ඔයාට ලක්ෂ 5 ක් දෙන්නම්, මල්ලි හිරේ ඉන්නකම් විසිට් දාන්නම්, මල්ලිගේ ළමයි දෙන්නව බලාගන්නම්, රස්සාව බේරලා දෙන්න කිව්වා. අපි එතැනින් ඇවිත් පානදුර ඒ.එස්.පී. ඔෆීස් එකේ පැමිණිල්ලක් දැම්මා.

අපි පොලිසියට ආපු වෙලාවේ එස්.ටී.එෆ්. එකෙන් කියලා අපේ ගෙදරට ඇවිත් තිබුණා. නෑනාටත් එස්.ටී.එෆ්. එකේ කියලා කෝල් අරගෙන තිබුණා. අපි ඩී.අයි.ජී. තෙන්නකෝන් මහත්තයා ළඟට ගිහිල්ලා ආවට පස්සේ වලාන පොලිසියෙන්, පානදුර පොලිසියෙන් අපිට බලපෑම් කරනවා. ගෙවල්වල බඩු තිබිලා අහුවෙන්න එපා, ආයේ කිසිම සමාවක් නැහැ කියලා තර්ජනය කරනවා. අපිට මේ නිසා දැන් බයෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. පොලිස් නිලධාරීන්ට ලිංගික අල්ලස් දෙන්න නොගිය නිසා දැන් අපිට තර්ජනය කරනවා’’ යැයි ගීතානි සිය අවනඩුවේ වත්මන් තත්ත්වය ගැන අපට එලෙස කීවාය.

පොලිස් සේවයට නිගා කරමින් ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් පරීක්ෂක චතුරංග ඊයේ (1 වැනිදා) සිට වැඩ තහනමට ලක්කර තිබේ.

මෙම නිලධාරියාගේ විනය සම්බන්ධයෙන් වැඩ තහනම් කර අපරාධ චෝදනා යටතේ විමර්ශන අරඹා නීතිපතිවරයාට කරුණු දක්වන බව පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ පැවැසීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්

​මේ අයුතු බලපෑමට ලක්වුණ කාන්තාවගේ සහෝදරයාව මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඊට පස්සේ රැඳවුම් නියෝග යටතේ අදාළ කාන්තාවගේ සහෝදරයා පානදුර පොලිසියේ ප්‍රශ්න කිරීම සඳහා තබාගෙන තිබෙනවා. මෙම නිලධාරියා විසින් මෙලෙස රඳවාගෙන ඉන්න සැකකරු තමන්ගේ ගෙදරට එක රැයකට ගෙනිහින් තියෙනවා. තමන්ගේ ගෙදරට සැකකරුව ගෙන ගිය මේ නිලධාරියා සැකකරුගේ සහෝදරියට කෑමබීම අරන් ඇවිත් සැකකරුට කන්න දෙන්න අවස්ථාව දීලා තියෙනවා. ඒක බරපතළ වරදක්.

රැඳවුම් නියෝග යටතේ ඉන්න සැකකරුවකු පොලිස් නිලධාරියකුට තමන්ගේ ගෙදර ගෙනියන්න බෑ. ඒ විතරක් නොවෙයි. පවුලේ අය ලවා කන්න බොන්න ගෙන්නලා දෙන්නත් බෑ.

කෑම අරගෙන ආව සැකකරුගේ සහෝදරියට ලිංගික ඇසුරකට බල කරලා තියෙනවා. තමන් එක්ක ලිංගික ඇසුරකට ආවොත් සැකකරුට සහනයක් දෙන්න සූදානම් වෙලා තියෙනවා.

ඒකට අකැමැති වුණාම තමන්ගේ ජංගම දුරකථනයෙන් අදාළ පොලිස් නිලධාරියා තමන්ගේ පූර්ණ නිරුවත් ඡායාරූප මේ සහෝදරියට යවලා ලිංගිකව හැසිරෙන්න පොලඹවා ගන්න උත්සාහ දරා තිබෙනවා. මේ සියල්ල කරලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් මල්ලිව නිදහස් කරන පොරොන්දුව මත.

මේ නිලධාරියාට එරෙහිව ගත හැකි ඉහළම විනය ක්‍රියාමාර්ගය මම ගන්නවා. 1982 ඉඳන් මේ රටේ කුඩු තියෙන්නේ. මෙ වාගේ ලිංගික අල්ලස් හා නොයෙක් අල්ලස් ගත්ත නිලධාරීන් නිසා තමයි මේ ජාවාරම නවත්තන්න බැරි.

මේ පළමුවැනි එක නොවෙයි. පසුගිය දිනවල ගල්කිස්සේ, ගන්දර වැලිකඩ පොලිසිවලත් මේ වාගේ නිලධාරීන් හමුවෙලා අපි දඬුවම් දුන්නා. මේ වාගේ දූෂිත නිලධාරීන් දෙපාර්තමේන්තුවට විශාල හානියක්. මේ වාගේ දූෂිත නිලධාරීන්ගෙන් පොලිස් දෙපාර්තමේන්තුව නිදහස් කර ගන්න අපට ධෛර්ය තියෙනවා. අනෙක් අයටත් පාඩම් ඉගෙන ගන්න මේ නිලධාරීන්ට නීතියට අනුව උපරිම දඬුවම් දෙනවා.’’ යැයි පැවැසීය.

දේමුණි සොයිසා


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මල්ලි නිදහස් කරන්න අයි.පී. අක්කට යහනට එන්න කියයි... දුරකතනයට නිරුවත් පොටෝ එවලා...
මල්ලි නිදහස් කරන්න අයි.පී. අක්කට යහනට එන්න කියයි... දුරකතනයට නිරුවත් පොටෝ එවලා...
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0om0bYoMbv-AWc-HMsvITFPxKQaTA8C2bqhybKJvTMngyzxP2XLhptP-HJPSyy428_ElR5VKr0jSh6doA9YL9sgRecbiPcIXcOTay_gzdoFqSWUgMyBn_rGKXuGH28toGTA8V6njazlk/s320/poli-allas.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0om0bYoMbv-AWc-HMsvITFPxKQaTA8C2bqhybKJvTMngyzxP2XLhptP-HJPSyy428_ElR5VKr0jSh6doA9YL9sgRecbiPcIXcOTay_gzdoFqSWUgMyBn_rGKXuGH28toGTA8V6njazlk/s72-c/poli-allas.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy