යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වවුනියාව මණ්ඩපය අද (15) සිට ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා දමන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති එම්.මංගලේස්වරන්...
යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වවුනියාව මණ්ඩපය අද (15) සිට ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා දමන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති එම්.මංගලේස්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
පසුගිය නොවැම්බර් මස 26 වෙනිදා ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට ගිය අවස්ථාවේදී සිංහල සිසුන් හා දෙමළ සිසුන් අතර ඇතිවූ අරගලයක් හේතුවෙන් මෙම විශ්ව විද්‍යාලය නොවැම්බර් 27 වෙනිදා වසා දැමීමෙන් පසුව එය යළි විවෘත කරන ලද්දේ පසුගිය ඊයේ (13) දිනයේය.
වවුනියාව මණ්ඩපයේ විභාග ජනවාරි 1වන දින ආරම්භ වීමට නියමිතව ඇති අතර එම දිනය දක්වා විශ්ව විද්‍යාලය වසා දමා එහි නේවාසිකාගාරවල හා තවත් ගොඩනැගිලි කීපයක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් තීරණය කොට තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS