දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ආණ්ඩුව නොකලොත් අපි කරනවා' - සංහිඳියා කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතිට
Homeප්‍රවෘත්ති

'ආණ්ඩුව නොකලොත් අපි කරනවා' - සංහිඳියා කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතිට

PropellerAds

යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව සඳහා ගත යුතු පියවර කවරේදැයි ජනතා අදහස් විමසා බලා සකස් කළ පූර්ණ වාර්තාව ලබන ජනවාර...

රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි
"ලෝක සිතියමේ ලේ පැල්ලමක් වූ ශ්‍රී ලංකාව ඉන් මුදා ගත්තේ වත්මන් ආණ්ඩුවයි" - ඇමැති මංගල
අද සිට දුම්රිය ගාස්තුත් ඉහළට - සංශෝධිත ගාස්තු මෙන්න
'ආණ්ඩුව නොකලොත් අපි කරනවා' - සංහිඳියා කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතිට

යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව සඳහා ගත යුතු පියවර කවරේදැයි ජනතා අදහස් විමසා බලා සකස් කළ පූර්ණ වාර්තාව ලබන ජනවාරි මස 03වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙන බව සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පවසයි.

ඉන් අනතුරුව එදිනම එය සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරන බව කාර්ය සාධක බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු මහතා පැවසුවේය.

"අනිවාර්යයෙන්ම අපි ප්‍රකාශයට පත්කරනවා. ආණ්ඩුව කරන්නේ නැත්නම් අපි කරනවා" ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව පුරා විවිධ දිස්ත්‍රික්කවල සහ පලාත්වල සංචාරය කරමින් සහ ලාංකීය සමාජයේ විවිධ ජනකොටස් සහ ආගමික නායකයන් මුණගැසී කරන ලද අදහස් විමසීම්වලදී තමන්ට යෝජනා 7500 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

යුද අපරාධ චෝදනාවලට අදාළ ජිනීවා යෝජනාව ප්‍රකාර යාන්ත්‍රණ හතරක් පිහිටුවීමේදී ජනතාව ඉදිරිපත් කළ යෝජනා උපයෝගී කරගන්නා බවට ආණ්ඩුව ප්‍රතිඥා දී ඇති බවත් කාර්ය සාධක බලකාය හමුවේ ජනතාව දැක්වූ අදහස් ඒ සඳහා උපයෝගී කරගන්නේ දැයි ඉදිරියේදී දැකගත හැකි වනු ඇති බවත් ආචාර්ය සරවණමුත්තු මහතා පැවසීය.

කෙසේ නමුත් අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිළිබඳ පනත දැනටමත් සම්මත වී තිබෙන්නේ නොවේදැයි කළ ප්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ, ඒ අවස්ථාවේ එම පනත ඉදිරිපත් කිරීම යෝග්‍ය නොවන බව තමන් ආණ්ඩුවට දැනුම් දුන් බවයි.

"අනිත් එක ඒ පනතට සංශෝධන අවශ්‍ය නම් තවමත් සංශෝධන ගේන්න පුළුවන්. කාර්යාලය තවමත් පිහිටුවල නෑනේ" ඔහු වැඩිදුරටත් පැවසීය.

 

(බීබීසී සංදේශය) 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ආණ්ඩුව නොකලොත් අපි කරනවා' - සංහිඳියා කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතිට
'ආණ්ඩුව නොකලොත් අපි කරනවා' - සංහිඳියා කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතිට
http://ift.tt/2hqbmPA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_367.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_367.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy