වංචා දුෂණ සිදු කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ජනාධිපතිවරයාට චෝදනා එල්ල කිරීම බරපතල වරදක් බවත් ජනපතිට චෝදනා එල්ල කළේ දුෂණයට සම්බ...
වංචා දුෂණ සිදු කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ජනාධිපතිවරයාට චෝදනා එල්ල කිරීම බරපතල වරදක් බවත් ජනපතිට චෝදනා එල්ල කළේ දුෂණයට සම්බන්ධ අය බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“මම ඇහුවා ගරු ජනාධිපතිතුමාගෙන් එකතු වෙනවද කියලා. එතුමා කිව්වා ඉතින් සරමක් ඇඳන් එකතු වෙන්නේ කොහොමද කියලා. ඕනම කෙනෙක්ට තේ බොන්න පුළුවන්, කෝපි බොන්න පුළුවන්. නමුත් එකතු වීමක් නම් වෙන්නේ නැහැ කියලා මට ඉර හඳ වගේ විශ්වාසයි. රජය ආපු ගමන්ම හොරකම් කරන්න පටන් ගත්තා අපේ අයයි, ඒගොල්ලොයි දෙගොල්ලොම. මම තිත්ත ඇත්ත කතා කරන්න බය වෙන්නේ නැහැ. ඇත්ත කතාව ඒකයි. ජනාධිපතිතුමා හොරු අල්ලන්න යද්දී එතුමාට බනින එක වැරදියි. ඉතින් එතුමා කොමිසම් දානවා, හොරු අල්ලනවා අපි ඒකට සහයෝගය දෙන්න ඕනේ. හොරු අල්ලනවා කියලා එතුමාට බනින එක හොරුන්ගේ වැඩක්. එහෙම බනින්නේ හොරු.”
“පිඹුරුපත් සකස් කරනවා මාව හිරේ දාන්න. නීතිපති එකෙනුත් කියලා තියෙනවා මම උසාවියට අපහාසයක් කළා කියලා. මම කියන්නේ ජනතාව කියන දේ. ජනතාව උසාවියෙන් එළියට ඇවිල්ලා හෙන ඉල්ලනවා. නමුත් කියන්න බයයි. දැන් මේ පැත්තේ මොකක්ද වුණේ දිවුලපිටියේ මොකක්ද වුනේ කියලා. පස් හොරු, මැටි හොරු, වැලි හොරු කප්පම් ගන්න අයට විරුද්ධව කෑ ගැහුවා. අපේ පක්ෂයේ ආසන සංවිධායකවරු හිටියා. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරු පස් හොරු ඉන්නවා. ප්‍රාදේශීය මන්ත්‍රීවරු පස් හොරකම් කළා. ඒවාට විරුද්ධව මන් කතා කළේ. මට ඒකට දිවුලපිටිය ආසනය නැති වුණා. දිවුලපිටිය ආසනය නෙවෙයි බෙල්ලත් නැතුව යයි. කමක් නෑ.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS