දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආයෝජන මණ්ඩලය ලහිලහියේ නීති විරෝධී ආයෝජන ගිවිසුමක් අත්සන් කරයි
Homeප්‍රවෘත්ති

ආයෝජන මණ්ඩලය ලහිලහියේ නීති විරෝධී ආයෝජන ගිවිසුමක් අත්සන් කරයි

PropellerAds

පා රිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් දැක්වෙයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල හා Sugih Energy International...

මට සමාජ මාධ්‍ය හරහා මඩ ගැසූ අයට විරුද්ධව නඩු ගන්නවා - ඩයනා ගමගේ
මුරුත්තෙට්ටුවේ හිමි ආණ්ඩුවට පැය 48ක් කල් දෙයි
දුමින්ද සිල්වා බීල හිටිය නිසා නිදහස්කර සමාජගත කරන්නැයි මනෝ ඉල්ලයි
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් දැක්වෙයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල හා Sugih Energy International සමාගම අතර ආයෝජන ගිවිසුමක් (2019/11/14) දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී  දි අත්සන්  තබන ලදී.
සාමාන්‍යයෙන් මෙවැනි ගිවිසුමක් සදහා ආයෝජන මණ්ඩලය පාර්ශවයෙන් අත්සන් තබන ලබන්නේ අයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වුවද අද දින මෙම ගිවිසුම සදහා අත්සන් තබන ලද්දේ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාය.

තෙල් පිරිපහදුව සදහා වන ආයෝජනයක් සදහා කැබිනට් මණ්ඩලය විසින් ඉහත කී Sugih Energy International  සමාගම සදහා අනුමැතිය ලබා දී ඇත්තේ මීට මාස ගණනකට පෙරය. කැබිනට් මණ්ඩලය විසින් එසේ අනුමැතිය ලබා දී ඇති කරුණු කිහිපයක් උල්ලංඝණය කරමින් අද දින ශ්‍රී ලංකා  ආයෝජන මණ්ඩලය විසින් ලහිලහියේ එම ගිවිසුම සදහා අත්සන් තබන ලදී.

එකී සමාගමට තෙල් පිරිපහදුව සදහා කිසිදු අත්දැකීමක් නැති අතර එම ආයෝජනය සදහා එකී සමාගමට ඇති හැකියාවද ශ්‍රී ලංකා  ආයෝජන මණ්ඩලය විසින් සොයා බලා නැත. තවද ආයෝජන ගිවිසුමක් සදහා සක්‍යතා අධ්‍යයන වාර්තාවක් (Feasibility Report) කැදවීම අනිවාර්යය වුවද මෙම ගිවිසුම සදහා එසේ සක්‍යතා අධ්‍යයන වාර්තාවක් කැදවා නොමැත. අධ්‍යන සක්‍යතා වාර්තා පමණත් නොව Project Proposal එකක් ද මෙම සමාගම ඉදිරිපත් කර නැත.

කැබිනට් මණ්ඩල විසින් අනුමැතිය ලබා දී ඇති කරුණු කිහිපයක් මෙම ගිවිසුම සෑදීමේදී කඩකර ඇත.

1.ඩොලර් බිලියන 24 ආයෝජනය ඩොලර් බිලියන එකකට අඩු කර ඇත.

2.වසර හතරක් තුල එම ආයෝජනය මෙරටට ගෙන ඒම අනිවාර්යය වුවද මෙම ගිවිසුමට ඇතුලත්ව ඇත්තේ වසර පහක් තුල ‌ෙඩාලර් බිලියන එකක් මෙරටට ගෙන ආයුතු බවයි.

3.මෙයට සම්බන්ධ වන රේඛීය ආයතන වලින් අනුමැතිය ලබා ගත යුතු වුවද එකී අනුමැතියද ලබා ගෙන නැත. පරිසර අධිකාරියෙන් පවා අනුමැතිය ලබා ගෙන නැත.

මුදල් අමාත්‍යංශය විසින් Request For Proposal (RFP) වාර්තාවක් මෙම ආයෝජනය සදහා කැදවිය යුතු බව සදහන් කළද එකී වාර්තාවක් කැදවා නැත.

ලහිලහියේ අද දින අත්සන් කරන ලද මෙම ගිවිසුම සදහා වන ව්‍යාපෘතිය සදහා ඉඩමක් වෙන්කර නැති අතර ඉඩම ලෙස සදහන් කර ඇත්තේ හම්බන්තොට ලෙසය. ඉතාම කඩිමුඩියේ කැබිනට් මණ්ඩල විසින් පැනවූ කොන්දේ කඩකරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා හා මුදල් අමාත්‍යවරයා මෙන්ම මලික් සමරවිකම මහතා විසින් මෙම ගිවිසුම අද දින අත්සන් කරනු ලබන්නේ හම්බන්තොට වෙනත් මෙවැනි ආයෝජනයක් කිරීමට වෙනත් සමාගමකට ඇති අවස්ථාව අවහිර කිරීමටය. මෙවැනි ආයෝජන ගිවිසුමක් අත්සන් කරනු ලබන්නේ ව්‍යාපෘති වාර්තාව,සක්‍යතා අධ්‍යයන වාර්තාව විශේඥ  මණ්ඩලයක් මගින් අධ්‍යයන කර ලබා දෙන අනුමැතියෙන් පසුව තවදුරටත්  පරිසර වාර්තාව ඉහළ තාක්ෂණික කමිටුවක් මගින් අධ්‍යයනය කර අනුමැතිය ලබාදුන් පසුවය. එහෙත් මෙම කිසිදු පියවරක් මෙහිදී අනුගමනය කර නැත.

මෙවැනි හොර ගිවිසුම් අත්සන් කිරීමි පිළිබදව අප සංවිධානයේ විරෝධය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල වෙත පල කරන අතර මෙම ගිවිසුම අහෝසි කිරීම සදහා වන නීතිමය කියාමාර්ග ගැනීමට අප කටයුතු කරන බවද වගකිවයුතු නිළධාරීන්ට දැනුම් දෙමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආයෝජන මණ්ඩලය ලහිලහියේ නීති විරෝධී ආයෝජන ගිවිසුමක් අත්සන් කරයි
ආයෝජන මණ්ඩලය ලහිලහියේ නීති විරෝධී ආයෝජන ගිවිසුමක් අත්සන් කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0qlpOwpWIaL8rYSD_7vZhcLJp6hddKpmwEmmeo8wtgld3ePC_oCXsvlnVOVIkVAylEpWTaj_umFnA3j3ImkCZq_HK225StTOvIQP3oZIIoNdwYjpD3Ez5Vlmfv14yzSjtqfBsvTro97p8/s320/BOI.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0qlpOwpWIaL8rYSD_7vZhcLJp6hddKpmwEmmeo8wtgld3ePC_oCXsvlnVOVIkVAylEpWTaj_umFnA3j3ImkCZq_HK225StTOvIQP3oZIIoNdwYjpD3Ez5Vlmfv14yzSjtqfBsvTro97p8/s72-c/BOI.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_513.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_513.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy