මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පළාත් 7 ක ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගන්නා බව එම පක්ෂයේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහ...
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පළාත් 7 ක ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගන්නා බව එම පක්ෂයේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (11) පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
අලුත් පක්ෂයක් ලෙස ඉතා අඩු කාලයක් තුළ මෙවර මැතිවරණයට මුහුණ දිමට බලාපොරොත්තු වන බවත් නැගෙනහිර පළාතේ අම්පාර හා සේරුවාවිල මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර හා මඩකලපුව ප්‍රථම වරට ඉදිරිපත් වන තැන් අතරින් විශාල තරගයක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව තුළින් රටේ ජාතික සමඟියට හා ස්වෛරීයභාවයට බොහෝ හානි සිදුවී ඇති බව ද නීතියේ ආධිපත්‍ය අද වන විට බිඳවැටී ඇති බව ද බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS