දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රථවාහන දඩ කොළ ගෙදරටම එයි - අලුත්ම ක්‍රමය පෙබරවාරියේ දී ක්‍රියාත්මකයි
Homeප්‍රවෘත්ති

රථවාහන දඩ කොළ ගෙදරටම එයි - අලුත්ම ක්‍රමය පෙබරවාරියේ දී ක්‍රියාත්මකයි

PropellerAds

රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩකොළ අදාළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රමවේදය පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බවත් රාජකාරි කරන ස්ථානයේ පවතින...

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි 
රුපියල් 40ක අලුත් ලොතරැයියක් එයි
සයිටම් ආහෝසි කළ යුතුයි - බුද්ධික පතිරණ
රථවාහන දඩ කොළ ගෙදරටම එයි - අලුත්ම ක්‍රමය පෙබරවාරියේ දී ක්‍රියාත්මකයි

රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩකොළ අදාළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රමවේදය පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බවත් රාජකාරි කරන ස්ථානයේ පවතින දුෂ්කරතා සලකා බලා රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ට අමතර දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රථවාහන පොලිස් නිලධාරීන් සඳහා ජාතික රතුකරුස සංගමයේ අනුග්‍රහයෙන් පවත්වන ප්‍රථමාධාර වැඩසටනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

“අපි මීට වඩා ඉදිරියට යනවා. දඩ කොළ නිකුත් කිරීම සඳහා නූතන තාක්ෂණය භාවිත කරන්න අපි වැඩපිළිවෙලක් හදනවා. විශේෂයෙන්ම රථවාහන නීති උල්ලංඝනය කිරීම්වලදී තාක්ෂණය භාවිත කරන්න අපි සැලසුම් සකස්කරමින් ඉන්නවා. වැරද්ද කරපු අවස්ථාවේ ඡායාරූපයක්, වැරුද්ද මොකක්ද කින දේත් එක්ක දඩ කොළය ගෙදරට යවන ක්‍රමයේ ලබන පෙබරවාරි මාසයේ දී අපි අත්හදා බලන්න කටයුතු කරනවා. එතකොට ඉතින් උසාවියට ගිහින් තර්ක කරගන්න පුළුවන්.

අපිට එතකොට නිලධාරීන් රථවාහන රාජකාරි සඳහා යෙදවීම අඩු කරන්න පුළුවන්. ඒ වගේම මම පොලිස්පතිතුමාට උපදෙස් දුන්නා රථහාවන කොට්ටාසයේ නිලධාරීන් සේවය කරන ස්ථානයේ ඇති දුෂ්කරතාව අනුව ඔවුන්ට දීමනාවක් දෙන්න කටයුතු කරන්න කියලා. ඒ දීමනාව දඩ පත්‍රිකාවලින් එකතු වෙන මුදල්වලින් ගෙවන්න පුළුවන්. මම ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමතය ඉල්ලන්න සූදානම්. ඒකට පසුබිම සකස්කරලා දෙන්න කියලා මම කියලා තියෙනවා.

වාහන අනතුරු නිසා දිනකට ජීවිත දහයක් විතර නැතිවෙනවා. මේ අනතුරු වලින් ජීවිත නැතිවීමේ ප්‍රමාණය තවත් වැඩි වෙනවා අනතුරට ලක්වුණු තුවාල කරුවන් රෝහලට ප්‍රවාහනය කරන ආකාරය අනුව. සහරවිට බේරගන්න පුළුවන් ජීවිත පවා නැතිවෙනවා. මේ කරුණු කාරණා නිසා තමයි අපි මේ පිළිබඳ පුහුණුවක් ලබා දෙන්න කටයුතු කළේ. අපි මේකට මුලින්ම පොලිස් නිලධාරීන් සහ ත්‍රීරෝද රථ රියදුරන් මුලින්ම තෝරා ගත්තේ රියඅනතුරක් වෙලාවේ දී තුවාලකරුවන් රොහල්වෙත ගෙනයාමට මුලින්ම දායක වෙන්නේ ඒ පිරිස් නිසා.

රථවාහන පොලීසියේ නිලධාරීන් පුදුම දුකක් විඳින නිලධාරීන් පිරිසක්. ඔවුන්ට අව්ව , වැස්ස කියලා පැත්තකට වෙලා ඉන්න බැහැ. වතුර ගලනවා කියලා පැත්තකට වෙලා ඉන්න බැහැ. මම ඒ නිලධාරීන්ට මගේ ප්‍රශංසාව පුද කරනවා. ඒ වගේම ඔවුන්ට මම කියනවා තවදුරටත් ඒ සේවය ජනතාව වෙනුවෙන් හොඳින් ලබා දෙන්න කියලා. අද කොළඹ නගරයේ විශාල රථවාහන තදබදයක් තියෙනවා. මේතරම් වාහන ප්‍රමාණයකට කොළඹ නගරය සැලසුම් කරලා නැහැ. ඒ සඳහා වැදගත්ම දේ තමයි රියදුරන්ගේ විනය ඇති කිරීම.“ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රථවාහන දඩ කොළ ගෙදරටම එයි - අලුත්ම ක්‍රමය පෙබරවාරියේ දී ක්‍රියාත්මකයි
රථවාහන දඩ කොළ ගෙදරටම එයි - අලුත්ම ක්‍රමය පෙබරවාරියේ දී ක්‍රියාත්මකයි
http://ift.tt/2FrIrD8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_955.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_955.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy