ඝාතනය සිදු කෙරුණු ස්ථානයට නුදුරේ පිහිටි නිවසක සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී මෙම ත්‍රීරෝද රථයෙහි සහ යතුරු පැදියේ ලියාපදිංචි අංක...
ඝාතනය සිදු කෙරුණු ස්ථානයට නුදුරේ පිහිටි නිවසක සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී මෙම ත්‍රීරෝද රථයෙහි සහ යතුරු පැදියේ ලියාපදිංචි අංක හඳුනාගැනීමට හැකි වී ඇති අතර ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කිරීමේදී මෙම වාහන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කළ වාහන බවත් පොලිස් විශේෂ කාර්ය බලකායේ භාවිතයට ලබා දී තිබුණු බවත් සොයා ගැනීමට හැකි වී ඇත. යාපනය පන්නෙයි මාර්ගයේ පිහිටි පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරෙන් මෙම ත්‍රීරෝද රථය, යතුරු පැදිය සහ ගිනි අවිය අත් අඩංගුවට ගෙන ඇතත් මිනීමැරුම සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු හෝ අත් අඩංගුවට ගෙන නොමැති බවත් වාර්තා වේ.
දොන් බොස්කෝ තරුණයා ඝාතනය කෙරුණේ යාපනය අරියාල මාර්ගයේ ගමන් කරමින් සිටියදී එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරයකිනි. එම අවස්ථාවේදීම ප්‍රදේශවාසීන් විසින් මෙම වෙඩි තැබීම කළේ පොලීසිය බව කියමින් පොලීසියට විරෝධතාවය පළ කර තිබිණි. කෙසේ වෙතත් ඝාතනයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.
- රංජිත් නිශාන්ත
COMMENTS