රජයේ පාසල්වලට ඇතුළත් වන සියලුම සිසුන්ගේ අනන්‍යතාව නිවැරදිව සනාත කරගැනීම සඳහාත් විභාග කටයුතු වලදී අපේක්ෂකයින්ගේත්, විභාග කටයුතුවල නිරත නිලධ...
රජයේ පාසල්වලට ඇතුළත් වන සියලුම සිසුන්ගේ අනන්‍යතාව නිවැරදිව සනාත කරගැනීම සඳහාත් විභාග කටයුතු වලදී අපේක්ෂකයින්ගේත්, විභාග කටයුතුවල නිරත නිලධාරීන්ගේත් පහසුව සඳහා වන විශේෂ හඳුනාගැනීමේ ක්‍රමවේදයක් යෝජනා කර ඇත.
ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් විධිමත් කිරීම සඳහාත් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහාත් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කරන ලද විද්වත් කමිටුව විසිනි.
ඒ අනුව පාසල්වලට ඇතුල් වන සෑම ශිෂ්‍යයෙකුටම අනන්‍ය ශිෂ්‍ය අංකයක් (Unique Student Code) හඳුන්වාදිමටත්, ඒ සමග ම ඇඟිලි සලකුණු (Finger Print) මඟින් අනන්‍යතාව තහවුරු කරගැනීම හරහා QR කේතයක් (Quick Response Code) නිර්මාණය කිරීමටත් යෝජනා වී ඇති අතර මෙම අංකය පාසල් මට්ටමින් සිදුකෙරෙන ප්‍රධාන කඩඉම් විභාගවලදී යොදා ගැනීමට ද යෝජනා වී ඇත.
මේ හරහා ප්‍රධාන කඩඉම් විභාග තුන වන 05 වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස.(උසස් පෙළ) යන විභාගයන්වලදි සිසුන්ගේ සාධන තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට හැකියාව උදාවනු ඇති බවත් විභාග වංචාවන් අවම කරගැනීමට ද මෙය විශාල ලෙස ඵලදායී වනු ඇති බව සඳහන්වේ.
මීට අමතරව උත්තර පත්‍ර පරික්ෂාවේ දී බහුවරණ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා නවින තාක්ෂණයෙන් යුත් OCR යන්ත්‍ර (Optical Character Readers) මිල ද ගැනීමට ද යෝජනා වි තිබෙන බවත් මේ හරහා බහුවරණ ප්‍රශ්න පත්‍ර ඇගයීමට ලක් කිරීමේ දී ඒ සඳහා ගත වන කාලය අඩුවීම සහ කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට ද හැකියාව ලැබෙනු ඇති බවත් සඳහන් වේ.
COMMENTS